එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

අප පහත පළ කරන දීර්ඝ ලිපිය 2004 වර්ෂයේදී ‘මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම‘ ජනමාධ්‍යයට නිකුත් කළ එකකි. මෙය X කණඩායමේ දේශපාලනය පිළීබඳ යානිස් සටාව්රකාකිස් ගේ න්‍යාය ගැන්වීම ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් අඩංගු කරගනියි. සිංහල ලිපියට පෙර ඇති කෙටි ඉංග්‍රීසි ලිපිය ජනමාධ්‍ය ආයතන වෙත ලිපියේ අරමුණ පැහැදිළි කරමින් ලියා ඇත.

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

09-12-04

Dear …………..

We are forwarding herewith an article by one of our members. This is a Sinhala translation of an article by one of our members.

As we have pointed our earlier, the present socio-political condition is a result of rapid globalization and the increasing influence of capitalism. This condition is causing a new trend in politics. We have argued, time and again, that many political groups today are only a reaction to this situation, and not really attempts to counter this the existing social order. Following the theorizations of Yannis Stavrakakis, we argue that a demand for a return to a totalitarianist system, which is a demand for a guaranteeing Other, is the logical outcome of the chaos caused by capitalist social relations. This article discusses how the new demand for a ‘father’ and the establishment of order’ – probably the most powerful and popular political slogan in Sri Lanka today- is in fact a continuing demand for a totalitarian system.

We have taken the writings of the X Group as our point of departure, because they are the man proponents of this political slogan. However, we wish to emphasize, that the X Group is only the symptom of the real problem and they are not really the problem itself. The question that anybody would with to ask today is ‘where will our country end up?’ We don not even pretend to answer this question. But we feel that recent studies in psychoanalysis point the way towards totalitarianism, and we can already see its emergence in small groups that are organized around a central primordial figure.

We feel that this is an important contribution to the study of politics in Sri Lanka, and at the same time a study that has very practical implications. The way it points is a serious warning and if unheeded, this tendency can have dire consequences. Realizing the gravity of this situation, we have tried to theorize this problem and look at a very practical example that is available to everybody in writing. We have pointed out many times that our society is in search for a ‘master’. However, it is difficult to show this at a practical level, unless it is available in writing (we wish to remain clear of personal clashes because we are not interested in the individuals’ shortcomings) and the writings of the X group provide a very good example.

We sincerely hope you will publish this article in your newspaper, opening the possibility of a public discussion on this issue.

Thank you,
Yours truly,

Ruwantha Dissanayake,
General Secretary,
FEITP

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

1989 යනු බර්ලින් තාප්පය බිඳ වැටුණු වර්ෂය පමණක් නොවේ. අඳුරු නොවැම්බරයේ වැසි පිරුනු සන්ධ්‍යාවල රතු ධජ මගින් යටපත් කිරීමට උත්සාහ දැරෙන, මියගිය සගයන්ගේ සිහිනය මිහිදන් කළ වර්ෂයයි. එක් උදෑසනක සියල්ල මිය ගිය වර්ෂයයි. සිහිනය මිහිදන් කළ වර්ෂයයි. වසර පහළවකට පසු ආපහු හැරී බලන විට අප විසින් අත්පත් කරගෙන ඇත්තේ මොනවාද? ලාංකීය සමාජය වේගයෙන් ධනවාදයට යටත් වන විට, දරිද්‍රතාවය, සූරාකෑම එහි හිණිපෙත්තටම ලඟා වී ඇති මොහොතක දෘෂ්ඨිවාදීමය තලයේදී අප සමාජය ‘පියෙකු’ සොයමින් සිටින්නේ මන්ද? “තමාගේ දරුවාට ආදරය කිරීම දේශපාලනය” යයි යන සටන් පාඨයට අත්පො‍ළසන් දෙන අවාසනාවන්ත මාක්ස්වාදීන්ගේත්, සමාජ ප්‍රතිවිරෝධතා වලට හේතුව ව්‍යාජ මානසික රෝග තුළ සොයන ජනතාවකගේත් යුගය තුළ එක් මිනිසෙක් අපට ස්ථිරසාර ලෙස මෙසේ කියයි: “ආදරය යනු ඔබ සතුව නැති දෙය දීමයි.” සමාජය පරිපූර්ණ පියවරුන් සොයා යන මොහොතක, “තමා සතුව නැති දෙය” දීමේ දේශපාලනය සොයා යාමට අපි ඔබට ආරාධනා කරමු. මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ” දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට බුද්ධික බන්ඩාර යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් X කණ්ඩායමේ සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ X කණ්ඩායම බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය ඔවුන්ගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු X කණ්ඩායම විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

1) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:

“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
– බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37 Continue reading


Leave a comment

Friday Forum aligns with Rights Now, Collective for Democracy, an NGO that acts as a front for a Fascist and anti-feminist political group

P1010591

from Samajavichara facebook page

Friday Forum which describes itself as a “gathering of public spirited persons who are dedicated to promoting peace and development in Sri Lanka within a framework of democracy, social justice and pluralism” has aligned with an NGO named Rights Now, Collective for Democracy which acts as a front for a political group known as the Sri Lanka Vanguard Party (Sri Lanka Peratugami Pakshaya) which follows a fascist and anti-feminist agenda.

This new alliance has come to light with Samabima, the Sinhala monthly magazine published by the Rights Now, Collective for Democracy in its Febraury 2014 issue carrying a special four page supplement under the title Friday Forum in which it carries in full a recent statement by the Friday Forum. The supplement is presented as an official publication of the Friday Forum with its contact details and the list of names of Firday Forum’s currently active members given as follows: Dr. Jayantha Dhanapala, Professor Savitri Goonesekere, Dr. G. Uswatte Aratchi, Professor. Camena Gunaratne , Ms. Suriya Wickremasinghe, Rt. Reverend Duleep de Chickera, Professor Arjuna Aluwihare, Mr. Ahilan Kadirgamar, Mr. J.C. Weliamuna, Dr. A. C. Visvalingam, Ms. Anne Abayasekara Mr. Tissa Jayatilaka, Radhika Coomaraswamy, Rev. Dr. Jayasiri Peiris, Dr. Jayampathy Wickramaratne, , Dr. U. Pethiyagoda Prof. Gananath Obeysekera Mr. Danesh Casie Chetty, Professor. Ranjini Obeyesekere, Dr. Deepika Udagama, Ms. Sithie Tiruchelvam, Ms, Damaris Wickramasekera, Dr. Selvy Thiruchandran, Faiz Ur-Chandran, Ms. Manouri Muttetuwegama, Ms. Shanthi Dias, Javed Usuf and Mr. Chandra Jayaratne.

Sri Lanka Vanguard Party, formerly named X Group is well known for its vituperative attacks against members of civil society with the detrimental effect of silencing independent minds among the youth. It has also taken an anti-feminist stand in persistently and viciously attacking in a sexist manner female members of civil society whom they consider their political enemies. For example, the Sri Lanka Vanguard Party, on their web pages has been hounding for a long time a senior female academic mounting a massive and continuing sexist attack against her dragging her personal life into public discussion because she has been critical of authoritarian politics of Sri Lanka Vanguard Party/ X Group.

Leader of the Rights Now who appear in public as a civil rights activist has been a long standing leading member of the Sri Lanka Vanguard Party/ X Group and the Rights Now, Collective for Democracy which is known to be funded by the European Union among other international donors is seen to channeling the NGO funds to Sri Lanka Vanguard Party. The leader of the Sri Lanka Vanguard Party and a team of party cadres lead the training of young interns recruited to Rights Now via its internship programme mainly offered to young school leavers and undergraduates which functions as a front for recruiting cadres to the Sri Lanka Vanguard Party. Sama Bima the monthly Sinhala publication of Rights Now which also publishes weekly in a full page advertisement in the Ravaya Sinhala newspaper is the Sinhala publicity arm of the Rights Now, Collective for Democracy. It is by making Samabima their official publicity provider in Sinahala that the Friday forum has aligned with the Rights Now, Collective for Democracy.

Are the members of the Friday Forum aware of the far reaching implications of Friday Forum linking up with the NGO, Rights Now, Collective for Democracy? Are Friday Forum funds channeled to Rights Now, Collective for Democracy? Members of the public who have come to appreciate the work of Friday Forum would like to know the response of the Friday Forum to these questions.


Leave a comment

Politically motivated cyber-bullying on the part of so-called leftist groups

images

Politically motivated cyber-bullying on the part of so-called leftist groups
Prabha Manuratne
I see this latest attack by Sumith Chaaminda and his group on you as yet another display of their myopic politics. As someone who has been a repeated target of politically motivated cyber-bullying for many years now, I fully sympathize with the unenviable position you have been pushed into. Such politically inflected bullying does not demand that a truth be revealed but that we prove a lie to be a lie. Bullying and hate speech are characteristic arsenal of those who wish to silence others on cyber platforms. They were part of the strategy of the former X group. It was a strategy that we eschewed after the break-up of the group, and it is sad that former X-group members Sumith Chaaminda and Vidarshana Kannangara have chosen to continue such attacks. In my opinion, cyber-bullying has had a deleterious effect on the entire youth oriented political scene in Sri Lanka..
Sumith Chaminda

Sumith Chaminda

බලන්න, ‘කතිකා‘


Leave a comment

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

images

මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
කුමුදු කුසුම් කුමාර
අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා සේවයෙන් පහකිරීම විවේචනය කරමින් මා රාවය පුවත්පතට ලියූ ලිපිය මුල් කොට ගෙන මා අනුරුද්ධ ප්‍රදීප් ගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටියත් තවත් තරුණ කථිකාචාර්යවරයෙකුගේ රැකියාව අහිමි කිරීමට යටි උගුල් යෙදූ බවටත් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවටත් ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට චෝදනා නඟා තිබුණි. දෙවනුව කී ශිෂ්‍යයන් දෙදෙනා ගේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමෙන් මා ඔවුන් දෙදෙනා පිළිබඳ ඇති වෛරයත් එනිසා පළිගැනීමත් පෙන්නුම් කරන බව ඔවුහු සඳහන් කළෝය. මා එලෙස ඔවුන් සමඟ වෛර බැඳීමට හේතුව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ විසින් මා පිළිබඳ කළ දේශපාලන විවේචන බවත් එම විවේචන කළේ ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා නොව අන් අය බවත් එහෙයින් ඔවුන් නොකළ දෙයකට මා ඔවුන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගත් බවත් ඔවුහු සඳහන් කළෝය. ඔවුන් මෙයින් පෙන්නුම් කරන්නට තැත් කරන්නේ මා දේශපාලන සුචරිතවාදයෙකු වශයෙන් පෙනී සිටින සදාචාරවිරෝධියෙකු බවයි. ඒ අනුව ඔවුන් මා තක්කඩියෙකු, අමනයෙකු යනුවෙන් හඳුන්වමින් හෙළා දකියි. ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එල්ල කොට ඇති මෙම චෝදනා දෙකම අසත්‍ය බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි. බලන්න, ‘කතිකා‘


Leave a comment

Sumith Chaminda to make a voice recorded confession says Deeepthi Kumara Gunaratna’s lawyer

603083_10152403225845012_512808518_n

“ Thushara N Daskon පැයයි විනාඩි 40 ක දේශණයක් ලෙස සුමිත් චාමින්ද විසින් කරන ලද පාපොච්චාරණ ඇසූ විට මේ මහත්වරුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය සියළු දෙනාට හෙළිවනු ඇත. දෙසැම්බර් මාසයේ දී මේවා සුමිත් ගේ හඩින්ම සියළු දෙනාට ඇසිය හැක.“

———————————

Deepthi Kumara Gunaratna is the leader of the Sri Lanka Vanguard Party. His lawyer Thushara N Daskon has issued the following threat to the opponents of their party on the Facebook: “ When one gets to listen to Sumith Chaminda’s confession in the form of an hour and forty minutes lecture the democracy of these gentlemen will be revealed to everyone. In December everyone will be able to hear these in Sumith’s voice.” In this statement the term “these gentlemen” refers to those 140 odd members of the former X Group who broke away from the political group on the day of the Tsunami. Since then Deepthi has been out to destroy these opponents. It is not clear why Sumith Chaminda is making a recorded confession and to whom under what conditions,: nor who will be the publisher of this voice recording.

Sumith Chaminda having broken away from the X Group set up his own political group known as the Praxis Group and a web site called Disneylanka. He is said to be the theoretical advisor to the Frontline Socialist Party


Leave a comment

දීප්ති ප්‍රභා ට දුන් අසාර්ථක උත්තරය නොහොත් දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද?

6782250570_178eba0949_z

තමන්ගේ තුනමාන වෙබ් අඩවියේ ප්‍රභා ගේ පවුල් ජීවිතය ගැන තමන් ට ඇති අවුල ප්‍රදර්ශනය කරන ලිපියක් ඊට කමෙන්ටු 14 ක් ඇතැයි නිරතුරුව ජීවමානව තබා ගන්නා දීප්ති (මේ අඩවියේ කමෙන්ටු වැඩි හරියක් දීප්ති ම ලියා ගන්නා ඒවාය. නැතුව දීප්ති ගේ විකාර කියවන අය ට ඒවා තේරෙන්නේ නැති නිසා කවුරුත් ඒ ගැන අදහසක් පළකරන්නේ නැත.) ප්‍රභා එම ලිපියට දුන් සවිස්තර පිළිතුර ට (බලන්න http://workingpps.wordpress.com/2013/09/09/16/ ) මුහුණ නොදී අනං මනං දොඩමින් සිටි දීප්ති දැන් ප්‍රභාට ‘අ සමබිම‘ හි පිළිතුරක් දෙන්නට උත්සාහ කරයි. දීප්ති ඒ ගැන ලියන්නේ “තමන්ට බොහෝ දේවල් ගැන අවබෝධයක් ඇතැයි තමන්ම කියා ගන්නා කෙනෙකු පහත ආකාරයට මට විවේචනයක් කරයි“ යනුවෙනි.

අපේ මෙම විවේචනය තමන්ගේ පිළිතුරක් අවශ්‍ය විටක ලියන්නට ප්‍රභා ට තිබිය යුතු අයිතිය පැහැර ගැනීමක් නොවේ.

දීප්ති මෙසේ කියයි: “ ඔහුට අනුව සියලුම පිරිමින් හම සුදු ගැහැනුන්ට ආශා කරයි. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් හෝ තම සමාජ පන්තියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි.”

ප්‍රභා ගේ ලිපියේ එන අදාල මුල් (original) ඡේදය මෙසේය:
“ සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ ඔහු කරන්නේ සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.“ ( http://workingpps.wordpress.com/2013/09/09/16/ )

දැන් දීප්ති මෙසේ උත්තර බඳියි:
“උත්තරය – මනෝ විශ්ලේෂණයේ ප්‍රධානම මූලධර්මය යනු අවිඥාණික ආශාව නිර්වචනය කිරීමයි. සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය. ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය. සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි. මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ. ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය. “

තමා ‘සියලුම පිරිමින්‘ ට යම් දේවල් ආදේශ කළ බව දීප්ති පිළිගනියි. දැන් ඔහු “සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය“ යි කියයි. සියලුම පිරිමින් “විශේෂ පිරිමියෙකු“ වන්නේ දීප්ති උගත් (තේ කුමන සුදුසුකම් ලත් මනෝ විශ්ලේෂකයෙකුගෙන්ද? ) මනෝ විශ්ලේෂණ තර්කයකට අනුව විය යුතුය. දීප්ති වචන සෙල්ලම තුළ තමාගේ පරාජය සඟවන්නට තැත් කරයි. බලන්න: “සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි” යි කියයි. දීප්ති කියන්නේ සාර්වත්‍රික විශේෂ යැයි බෙදීමක් නැත කියාය. ඉතින් ඔහු ‘සෑම‘ කියන විට ඉන් අදහස් කරන්නේ ‘සුවිශේෂ‘ කියා බව අප තේරුම් ගත යුතුය. නමුත් තමන් ‘සෑම‘ යැයි එකල කියූ විට තමා ඉන් අදහස් කරන ‘සුවිශේෂ‘ පුරුෂයා කවුදැයි දීප්ති එදා කීවේ නැත. දැන් ප්‍රභා ගේ විවේචනයට පසු දීප්ති ඒ ගැන මෙසේ කියයි : “ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය.”මේ දීප්ති ගේ පිරිමියාය. “මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ“ යැයි දීප්ති ඊළඟට කියයි. පැවැත්ම කියන්නේ මොකක්ද? පැවැත්ම අනුභූතිකයෙන් වෙනස් වන්නේ කොහොමද? “ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය.“ පැවැත්මෙන් “ග්‍රාමීය, සිංහල“ පිරිමියා අපි හඳුනා ගන්නේ කෙසේද? “ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ“ සෑම “පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමට“ ද? දීප්ති මෙසේ කියන්නේ කුමන සමාජමය පදනමක් ඇතිවද?

මේ පිරිමියා අන් කවරෙකු වත් නොව දීප්ති මය. මේ දීප්ති ගේ ෆැන්ටසි යයි.

මේවා අවිචාරයෙන් දීප්ති ගේ ඊනියා මනෝ විශ්ලේෂණ නිර්වචන සහ වචන හරඹ වලට ගිනි කණ වැටෙන “ග්‍රාමීය, සිංහල“ පිරිමින්ට සහ ගැහැණුන්ටම ගැලපෙන අපභ්‍රංස මිස කිසි අරුතක් ඇති ප්‍රකාශ නොවේ. දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද යන්න මේවා කියවන කෙනෙකුට තේරෙයි. දීප්ති තමන්ගේ සඟරා වෙබ් අඩවි සුදු පාට හමක් ඇති ස්ත්‍රීන්ගේ අඩ නිරුවත් රූප වලින් පුරවාලන්නේ මේ “ග්‍රාමීය, සිංහල“ පිරිමියා සහ ස්ත්‍රිය තමන්ගේ ග්‍රහාවට ඇද ගැනීමට විය යුතුය.

දීප්තිට අනුව ස්ත්‍රීවාදය යනු එකකි. ස්ත්‍රීවාදය තමන්ම විචාරයට ලක් කර ගනිමින් විවිධ අවධි තුළින් යමින් වෙනස් වෙමින් පැවතී ඇති ආකාරය ත් ස්ත්‍රීවාදීන් සාරයක් ගැන සෙවීම අත්හැර බොහෝ කල බවත් ‘ස්ත්‍රීවාදය 101‘ වැනි පාඨමාලාවක් ඉගෙන ගන්නා පළමු වසරේ විශ්ව විද්‍යාල සිසුවියෝ දනිති.

දීප්ති ට ස්ත්‍රිය හමුවන තැන ඇයගේ වසාරොද දුටු විට දීප්ති ස්ත්‍රියට යටත් වෙයි. දීප්ති ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ලෝකයේ බල සබඳතා දකින්නේ එපරිදිය. ඒ දීප්ති ගේ අත්දැකීමයි.


Leave a comment

දීප්ති කුමාර ගුණරත්න ගේ අලුත්ම අභියෝගය සුභා විජේසිරිවර්ධන! (දීප්ති ගැන පවු නේද? )

rondo_subhaඇන්ටිගනී මනෝරි ලා දීප්ති ලවා ලංකාවේ ස්ත්‍රීවාදීන්ට ප්‍රහාර එල්ල කරයි!!

සමබිම මාණ්ඩලික ලේඛක දීප්ති කුමාර ගුණරත්න ගේ අලුත්ම අභියෝගය අභාවප්‍රාප්ත සුනිලා අබේසේකර ගේ සහ දීප්ති ගේ සිවිල් සමාජ වෛරයේ ප්‍රධාන ඉලක්කයක් වන සුනිල් විජේසිරිවර්ධන ගේ දියණිය වන සුභා යි. සුනිලා ගේ අභාවයේදී ඇය ගැන හොඳක් නොව කීමට ඇත්තේ නරක පමණකි යැයි කී විමල්, ෂැපිරෝ සහ දීප්ති ට එරෙහිව යමින් ඇයගේ අවමඟුලේදී දීප්ති ගේ තරහකරු අර්ජුන තමන්ට කථා කළේ යැයි නයෙක් ද අරිමින් සුදර්ශණ ගුණවර්ධන සුනිලා ගැන පිටුවක් පුරා ලියූ ලිපියට දීප්ති උත්තර දෙන්නේ මෙලෙසය. සුභා කී දෙයකින් දීප්තට රිදුනා සේය. සුභා ගැන ලියමින් දීප්ති යතුරු හිලෙන් එබෙයි. සුභාගේ පෞද්ගලික ජීවිතය ගැන තමා දන්නා බව කියයි. “ඇය සමඟ මේ මොහොතේ එකට ජීවත්වන පිරිමියා “අහිංසකයා ඉන්නේ පුරුෂ-විරෝධී දේශපාලනික නිවැරදි (Political Correct) කුලකයේය. දේශපාලනිකව නිවැරදි ස්ත්‍රීවාදී පුරුෂයෙක් යනු සමාජය ඉදිරිපිට ස්ත්‍රියට පක්ෂපාතී බව පෙන්වා ගෘහ ජීවිතය තුළ හෝ පුද්ගලික ජීවිතය තුළ ස්ත්‍රියට පහත් ආකාරයට සැලකීම සාධාරණත්වය ලෙස සලකන පුද්ගලයාය“ යි දීප්ති කියයි. දීප්තිට අනුව මේ පිරිමියා අහිංසකයාය. ඒ කියන්නේ සුභා නරක ගැහැණිය යි (femme fatal). නමුත් අනිත් අතට ඔහු එළියේදී ස්ත්‍රීවාදී වී ගෙදරදී ස්ත්‍රියට පහත් ආකාරයට සළකයි. ඒ කියන්නේ සුභා සමාජයට මොනවා කීවත් ඇය ඇසුරු කරන්නේත් නරක පිරිමි ය. ලොව ඉන්නා එකම හොඳම පිරිමි මම ය. ඊළඟට සුදර්ශණ ය.

මේ දීප්ති ගේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ආකාරය ගැන හොඳම උදාහරණය කි. “මගේ අයිතිය වන ස්ත්‍රීවාදය ගැන කතාකරන්න ආවොත් මම නුඹලාගේ ගෙවල් වල නිදන කාමර වල සිදුවන දේ යතුරු හිලෙන් බලා ඒ ගැන සමබිමේ ලියන්නෙමි“ යි දීප්ති මෙලෙස සියලු ස්ත්‍රීවාදීන්ට තර්ජනය කරයි. මෙම තර්ජනය දැක සුභා වැනි අයත් ලංකා ස්ත්‍රීවාදීනුත් මෙය අහන අන් සියලු දෙනත් කිසිම ස්වාධීන අදහසක් ප්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවනු ඇත යන්න දීප්ති ගේ මනෝ විග්‍රහය යි. මන්ද යත් ලංකාවේ මිනිසුන් දීප්ති ගේ දෙමාපියන් මෙන් නොව ලොව ඔනෑම රටක ශිෂ්ට මිනිසුන් මෙන් තම පෞද්ගලික ජීවිතයේ සියලු දේ අනිත් මිනිස්සු ප්‍රසිද්ධියේ දකිනවාට අකමැති හෙයිනි. දීප්ති පොඩි කාලේ දීප්ති ගේ දෙමාපියන් ඔවුන් ගේ සියලු පෞද්ගලික දේ දීප්ති පැටියා ට රහසක් නොකළා දැයි අපි නොදනිමු. දැන් දීප්ති පැටවුන්ගේ කණ්ඩායමක සිටින අයෙකු කාලයක් තිස්සේ හැමෝගෙන්ම අහන්න පුරුදුව සිටි ප්‍රශ්ණයක් වූයේ “ඇයි අම්ම තාත්ත කාමරේ වහගෙන අරක කරන්නෙ?“ යන්නයි. දීප්තිට අන් අයගේ පෞද්ගලික ජීවිත ගැන ඇත්තේ මේ ප්‍රශ්නයම බව අපට තේරෙයි.

දැන් ලස්සනම වැඩේ සුභාට එරෙහි මෙම ප්‍රහාරය වැඩේ මෙය පළවන්නේ තමන් බලාත්කාරයෙන් අල්ලා ගෙන එහි පදිංචි ව සිටි MDDR එකෙන් එහි අයිතිකාරයන් එයින් තමන් එළියට දැමූවිට ඉහට වහලක් නැතිව සිටියදී තමන්ට ඉන්න තැනක් හදාගන්නට උදව් කළේ සුනිලා යැයි ප්‍රසිද්ධියේ කී සුදර්ශණ එසේ හදාගත් නිවෙසේ හැදූ ඊනියා අසමබිමෙ හි වීමෙයි. මෙය මනෝරි සමඟ එකතු වී දීප්ති සුදර්ශණ ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් ද වන්නේ මේ නිසාය.

අලුත් උදෑසනක් දා වැඩ සටහනින් දීප්ති ගේ කථාව විනාඩි 2 යි තත්පර 14ක වොයිස් කට් එකකට කෙටි කිරීම සුදර්ශණ ගේ වැඩකි. මනෝරි සිරසේ සිටින තම මිතුරන් ගෙන් ලබා ගත් දීප්ති ගේ තත්පර 21 ක නිව්ස් ක්ලිප් එක කලින් ම අසමබිමේ දැම්මේ මේ නිසාය. 1956 ජාතිකවාදය ප්‍රගතිශීලී යැයි නිමල්කා අලුත් උදෑසනක් හිදී පළ කළ අදහස තිබුනේද මේ නිව්ස් ක්ලිප් එකේ ය.
මේ ඇන්ටිගනී මනෝරි ලාගේ ස්ත්‍රීවාදී වැඩය.

අසමබිමේ මීළඟ ඉලක්කය ලංකාවට එන ස්ත්‍රීවාදී ඇන්ජීඕ අරමුදල් ය.

)


Leave a comment

දීප්ති ජීජෙක් ගේ විවාහය පිළිබඳ ලකානියානු මනෝවිශ්ලේෂණ න්‍යාය සපයයි!

සමාජ විචාර

ජිජෙක් සහ Analia Hounie විවාහයේ දී

salecldjvu_1201164_vvo_-vvo--Jela-Krecic

ධනවාදයට එරෙහි අරගලය සමග මිනිසුන් බද්ධ කිරීමට ජීජෙක් තරුණ ගැහැණු ළමයෙකු කසාද බඳියි!

දීප්ති ජීජෙක් ගේ විවාහය පිළිබඳ ලකානියානු මනෝවිශ්ලේෂණ න්‍යාය සපයයි!

මේවා හොඳ දීප්ති ගේ ඒක භාෂීය ගෝලයන්ටම පමණයි.

දීප්ති ජීජෙක් ගේ විවාහ ගැන අප කී දෙයට පිළිතුරු දෙමින් ඒ ගැන න්‍යාය සම්පාදනය කරයි.

ඒ අනුව දීප්ති කියන පරිදි “මේ දිනවල දියවැඩියා රෝගයේ අවසාන අදියරේ ඉන්නා ජිජැක් තරුණ ගැහැණු ළමයෙකු කසාද බැදීම ……මගින් කරන්නට උත්සහ කරන්නේ තමන් ගැන වැඩිපුර සමාජයේ කතා බහට ලක්වීම මගින් තමන් ධනවාදයට එරෙහිව ගොඩ නැගූ අරගලය සමග මිනිසුන් වැඩි වැඩෙයන් බද්ද වීමට සැලැස්වීමයි.“

දැන් මේ න්‍යායට අනුව ඉදිරියට දීප්ති මොනවා කළත් එය විග්‍රහ කරගන්නට අපට න්‍යාය තිබේ.

තමාත් ජීජෙක් මෙන් දුගද හමන, පණුවන් නලියන, ටොයිලට් එකේ වාඩි වී සිටින බව දීප්ති කියයි.
හමන දුගඳෙන් ඒ බව අපට දැනෙයි.

දීප්ති වැසිකිලියට ගියා නම් පිරිසුදු වී ටොයිලට් එකත් පිරිසිදු කර දැන්වත් ටොයිලට් එකෙන් එළියට විත් එහි දොර වසන්න.

නැත්නම් මහළු වයසට යන තුරුත් දීප්ති ජීවිතය ගෙවන්නට යන්නේ ටොයිලට් එකේමද?
ෆ්‍රොයිඩ් මේකට කීවේ Anal retention අවධිය කියායි.

කාට හරි දීප්ති මහත්මයෙක් කළ හැකිද? නමුත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය ගෝල බාලයන් මහත්මයන් කිරීම අරමුණු කර ගත් finishing school එකකි.


Leave a comment

සඳ සහ දීප්ති රුවන්

සමාජ විචාර

mangala-and-mahinda-colombotelegraphසඳ සහ දීප්ති රුවන්

දීප්ති තමා සහ සඳරුවන් සසඳයි.

තමන් දෙදෙනාම අශ්ලීල බසින් අන් අයට පහර දෙන පාදඩයන් බවත් බවත් එය ඉතා ජනප්‍රිය බවත් දීප්ති කියයි.

සඳරුවන් සමාජය වෙනස් කර ඇති බව දීප්ති කියයි.

දීප්ති 2030 දී ලංකා වසන්තයේදී ලංකාව වෙනස් කරනු ඇත.

තමා සහ සඳරුවන් අතර ඇති වැදගත්ම සමාන කම දීප්ති නොකියයි.

ඒ දෙදෙනාම රනිල් සහ මංගල ලාගේ යූඇන්පී ආණ්ඩුවක් බලයට ගෙන ඒමට සේවය කරන බවයි.
රනිල් ලා බලයට ගෙන ආ යුත්තේ අශ්ලීලයන්ට බලය ලබා දෙන්නට නම් රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුත්තේ මන්ද?


Leave a comment

දීප්ති තමා ජීජෙක් යැයි ෆැන්ටසියක සිටියි.

zizek

සමාජ විචාර

දීප්ති තමා ජීජෙක් යැයි ෆැන්ටසියක සිටියි.

නමුත් ජීජෙක් කොතරම් කලබලවුවත් තමන්ට අභියෝග කරන්නා සමග තර්ක කරන ශිෂ්ට ආකාරය බලන්න. මෙය දීප්තිට කවදාවත් කළ නොහැකි දෙයකි.

ජීජෙක් විශ්ව විද්‍යාල උගතෙකි. මේ සිදුවීම නිව්යෝක් නුවර කොළොම්බියා විශ්ව විද්‍යාලයේ නොබෝදා සිදුවූවකි.

ජීජෙක් දීප්ති මෙන් වාදයෙන් පලා යයිද?