එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය‘

SAM_0167

‘කතිකා‘ අධ්‍යයන කවය තම පති‍්‍රකාව නිකුත් කරමින් ප‍්‍රතිචාර දක්වන්නේ මෑතකදී ලංකාවේ ඇති වූ න්‍යාය සෙල්ලමට විය යුතුය. පශ්චාත් නූතනවාදය, මනෝ විශ්ලේෂණවාදය ආදි නම් වලින් ඉදිරිපත් කෙරෙන සෑම සිංහල ලේඛනයක්ම මට කියවන්නට නොලැබුණත් ලෝකයේ ඉතා අවුල් සහගත, කුහක, විකාර පශ්චාත් නූතන රචනා ලියවී ඇත්තේ ලංකාවේ පශ්චාත් නූතනවාදීන් අතිනි.මෙයට හේතුව සියුම් කියවීමත්, රස වින්දනයත්, සියුම් සිතීමත් නොකරන අඩුව වසා ගන්නට න්‍යායික වචන සෙල්ලම් කරන බොරු ඇඟවුම් කාරයන්ගේ රචනා යැයි මම සිතමි. සාමාන්‍යයෙන් තමන්ම යමක් කියවා වටහා ගන්නට උත්සාහ දරන පත්තර පිටු සංස්කාරකයන් දුර්වල රචනා වුවද ‘පොස්ට්මොඩර්න්’ යන වචනයද, වරහන් ඇතුළේ ඉංගී‍්‍රසි වචනද ඇති නම් වැදගත් එකකියි බාරගෙන පළ කිරීම නිසා මේවා කෙටි කාලයකට ජනපි‍්‍රය විය.එහෙත් බොරු ඇඟවුම්කාරයන්ට කල් පැවැත්මක් නැත. ඔවුන්ට පැවැත්ම සඳහා කෆ්කාගෙන්, කුන්දේරාටත්, කුන්දේරාගෙන් බාත්ටත්, බාත්ගෙන් ලකාන්ටත් නිරන්තරව පනින්නට සිදු වෙයි. මෙම පැන පැන යාම කරන්නට සිදු වන්නේ යම් තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය අධ්‍යයනයක් නැති විටය. කැමිල් පාග්ලියා ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය සාහිත්‍ය අධ්‍යයනය අවධාරණය කරන්නේ ඒ නිසාය.

ලංකාවේ සිද්ධ වෙන පශ්චාත් නූතන විදුලි සරඹ ඉතා තාවකාලිකය. ඒවා ජනපි‍්‍රය වී ඇත්තේ එක්තරා සංස්කෘතික අර්බුදයක් නිසාය. ඒ අර්බුදය එකමානිත්වය යැයි මම මීට ඉහත පුන්කලසට ලියූ ලිපියකදී කිව්වෙමි. එනම් සමාජීය ප‍්‍රපංචයන්, සාහිත්යික හෝ නිර්සාහිත්යික පඨිතයන් විවිධාකාර කියවීම්වලට ලක් කරන්නට ඇති නොහැකියාවයි. කිසිම පඨිතයක් ගැන බහුමානිත ප‍්‍රවේශයකින් එළඹෙන්නට ඇති සාමාජික නොහැකියාවයි.

අනෙක් අතට පශ්චාත් නූතන නමින් හැඳින්වෙන ලේඛන කාට හෝ කෙනෙකුට පහර දෙන නිසා ඒවායේ සන්ත‍්‍රාස රසයක් ඇත. අපි කාට හෝ පහර දෙන සැටි බලා සන්තෝෂ වෙන සමාජයක් වෙමු. මෙම ගැටලුවේම අනෙක් පැත්තද සංස්කෘතික ගැටලුවකි.

එය නම් කිසිවෙකු කට පුරා අගය කරන්නට අපට ඇති අසමත්කමයි. තමන් වාසියක් නොලැබෙන දෙයක් අගය කිරීමට යම්කිසි මිනිස් පූර්ණ බවක් අවශ්‍ය වෙයි. අප රට අධ්‍යාපනයත්, සංස්කෘතියත් මේ මිනිස් පූර්ණ බව ලබා දෙන්නට සමත් වන්නේද යන අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. ඉතා මහලු වයසේදී පවා මහාචාර්ය සරච්චන්ද්‍රට අනුන් අගය කරන්නට තිබුණ ශක්තිය පුදුමාකාර බව ඔහු යටතේ වැඩ කළ වසර දෙකේදී මම දුටුවෙමි.

ඉතිරිය සඳහා බලන්න,

සිළුමිණ පුන්කලස