එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

“ ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව!“නාගරික විප්ලවයේ (ත්‍රස්තවාදයේ) මහා අරක්කැමි දීප්ති කුමාර ගුණරත්න ගේ විචාරය නොව විශ්ලේෂණය

Ruwan_Mangala_court_CIසමාජ විචාර facebook පිටුවෙනි

වික්ටර් පවා ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධය හරහා බවයි කියමින් දීප්ති දෙසන්නේ ෆැසිස්ට්වාදී ධර්මයකි. මේ අනුව මංගල ලා රතු කුරුස හන්දියේදී මාධ්‍ය වේදීන්ට දෙකයි දෙකේ පොළු වලින් නෙලුවේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය. සටන කර්තෘ රෝහන කුමාර ඝාතනය කලේත් ඒ සඳහා විය යුතුය. ප්‍රේමදාස – රන්ජන් විජේරත්න පාලනය යටතේ විජේවීර පණ පිටින් මරා දමමින් තරුණ තරුණියන් දහස් ගණනක් ඝාතනය කළේත් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය. දීප්ති කියන්නේ මෙම සංඛ්‍යාව 60,000 ක් කියාය. එල්ටීටීයට එරෙහිව කෙරුණු යුද්ධයේදී කෙරුණ සියළු ඝාතනත් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය.

දීප්ති කුමාර ගුණරත්න “අනිමිසලෝචන විරහිතභාවය ගැන“ යන මැයෙන් ලිපියක් තුනමාන වෙබ් අඩවියට ලියා තිබේ.

කවුරු මොනවා කිව්වත් දීප්ති හොඳ මිනිහෙකි. තමන්ට පිහිටට හිටි අය විපතක වැටුණු විට ඒ අය වෙනුවෙන් කළ ගුන සැළකීමට තරම් ඔහු බෞද්ධයෙකු වන නිසාය. එපමනක් නොවේ දීප්ති තමන් ගැන හිතන්නේ බුදුන් වහන්සේ ලෙසිනි. අනිමිසලෝචනය පිළිබඳ සිරස්තලය එහෙයිනි. නමුත් මංගල සහ රුවන් ලා කුරුඳු පොළු ත්‍රස්තවාදය නෙලීමේ ප්‍රථිඵලයක් වශයෙන් රාවයේ පවා විවේචනයට ලක් වීම හමුවේ දීප්ති මෙසේ කළගුණ සළකන්නට යෑමෙන් ඔහුගේ සැබෑ දේශපාලන දර්ශනය එළි පිටට පොළා පැන තිබේ. ඒ අන් කිසිවක් නොව ත්‍රස්තවාද යයි.

දීප්ති මෙසේ කියයි: “අපට පුළුල් මහජන අවකාශයක් වෙතට රැගෙන යාමට හැකි වූයේ මංගල සමරවීර මහතා 1996 දී අපට ලබාදුන් විවෘත සහයෝගය තුළය.(එවකට අප සමග සිටි අයගෙන් මංගල සමග එකතු වනවාට විරුද්ධ වූයේ ධම්ම දිසානායක පමණි.) ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ රුවන් ෆර්ඩිනන්ඩ්ස් නම් ඉතාම අප්‍රකට, අවසාන කරකවන්නා නැත්තම්, මාතොට සගරාවත් X දේශපාලනයත් ජනප්‍රිය නොවීමට ඉඩ තිබුනි. ඉතා සරලව සහ කෙටියෙන් ප්‍රකාශ කළහොත් අපව සමාජගත කරවන්නට උදව් කළේ ලංකාවේ ඓතිහාසික වම නොව ලිබරල් දක්ෂිණාංශිකයන් ය.”

ලිබරල් දක්ෂිණංශිකයන් යනු කවුරුන්ද? දක්ෂිණංශිකයන් ඊනියා වාමාංශික ලෙනින් වාදී සංවිධානයක් සමාජ ගත කරන්නට උදව් කළේ කුමන ෆැසිස්ට්වාදී අරමුණක් සඳහා එය යොදා ගැනීමටද? අද මංගල ලා, රුවන් ෆර්ඩිනන්ඩ්ස් (ගුරුගේ) ලා දීප්ති ගේ සංවිධානය මෙයෙවමින් සිටින්නේ කුමන ෆැසිස්ට්වාදී අරමුණක් සඳහාද? (මංගල සමග එකතු වනවාට ධම්ම දිසානායක විරුද්ධ වූයේ අනාගතයේදී තමන්ට බැසිල් රාජපක්ෂ සමග තනියෙන් එකතු වීමට හැකි වන බව ධම්මගේ කේන්දරයේ කියා තිබුණු නිසා යැයි ධම්මගේ යාළුවෝ කියති. )

දීප්ති කුරුඳු පොළු ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්නට න්‍යාය සම්පාදනය කිරීමේ කටයුත්තට අත ගසා ඇත.

අර්නෙස්ටෝ චේගෙවාරා දීප්ති කියවන පරිදි ත්‍රස්තවාදියෙකු නොවේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් අරමුණක නාමයෙන් ත්‍රස්තවාදය සාධාරණීකරණය කොට නැත. චේගෙවාරා යනු ඒකාධිපති බැටිස්ටා ගේ මර්ධනයට එරෙහිව අවිගත් විප්ලවවාදී කණඩායමේ නායකයෙකි. ඇන්ජෝයි අරමුදල් වලින් නඩත්තුවන විප්ලවයේ නායකයා වීම ෆැන්ටසිය කර ගත් මැර බලය පා තම මතවාදී සතුරන් දේශපාලනයෙන් පළවා හැරීමට වැර දරන පාරේ යන පෙළපාලි වලට කුරුඳු පොළු වලින් ගැසීමට මැරයන් යැවීම විප්ලවීව කටයුත්තක් ලෙස සළකන ආකාරයේ දීප්ති වැනි ත්‍රස්තවාදයෙකු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව!

මෙන්න, දීප්ති ගේ ත්‍රස්තවාදී බළලා විප්ලවවාදී මල්ලෙන් එළියට පනියි: “ලංකාවේදී විප්ලවාදී දේශපාලනයට කියන තවත් නමක් වන්නේ ත්‍රස්තවාදයයි.ත්‍රස්තවාදය නම් පැල්ලම නැතිව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගෙන නැති බව බොහෝ දෙනා නොදනියි. රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදියෙක් වීමට බටලන්ද වධකාගාරයක් පවත්වාගෙන යන්න විය. ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව කියන එක කවුරුත් දන්න කටුක ඇත්තක්.“ Continue reading