එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ අර්බුදය සමනය වෙයි

10645145_700189556731546_4856156561754802797_n

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ අර්බුදය සමනය වෙයි

මුහුණු පොතෙන්

PostModern Hot News

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයාගේ පාර්ශවය සහ මහින්ද ප්‍රියදර්ශන නමැති “විප්ලවවාදී” නායකයාගේ ( අනුරාධපුරයේ ගුරුවරුන් පිරිසකට අනුව දීප්තිට වඩා පොර මහින්දය ) පාර්ශවයන් දෙක අතර ඇති වී තිබු ආරවුල මේ වන විට විසඳි ඇති බව අප වෙත වාර්තා වේ. මෙහිදී 20කට නොවැඩි සමස්ත සාමාජිකත්වයෙන් 5 දෙනෙකු පමණ දීප්තිගේ පාර්ශවයටත් බහුතරය “විප්ලවවාදී” නායක මහින්දගේ පාර්ශවයටත් වශයෙන් බෙදීම හේතුවෙන් නැවතත් පක්ෂය කැඩී යාමේ ලජ්ජාවෙන් බේරීම සඳහා දීප්ති ඔවුන්ට මෙසේ කියා ඇත.

“හරි ඔයාල වැඩේ කරගෙන යන්න…..වෙබ් එකත් ඔයාලම කරන්න….. මම මගේ අවසාන කාලය පොත් ලිවීම සඳහා විතරක් කැප කරන්නම්. ඔයාලට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට මගෙන් “දැනුම” ගන්න පුළුවන්” යනුවෙන් අදාළ සංවාදයේදී පවසා තිබේ. මේ අනුව දීප්ති ඔහුට අනුව ලංකාවේ “දේව දාර්ශනිකයා” බවට පත්ව ඇත. ඔහු Slavoj Žižek මෙන් වසරකට අඩුතරමින් තඩි පොත් දෙකක්වත් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව දීප්ති විසින් පවසා තිබේ. මහින්ද සහ ඔහුගේ සහචරයන් විසින් යෙදූ උපක්‍රම අසාර්ථක වීමෙන් පසුව දීප්ති නමැති සංඛේත බලය නොමැතිව එලියට බැසීම සියදිවි හානි කරගැනීමක් සේ තේරුම් එම පිරිස අචාසානයේ දීප්තිගේ යෝජනාවට එකඟ වී තිබේ.

අර්බුදය තුල දීප්තිගේ පාර්ශවයේ කට්ටිය වී ඇත්තේ…. සුදර්ශන, අනිල්, භූපති, දමින්ද, ප්‍රබෝධ යන අය පමණක් බව වාර්තාවේ.

https://www.facebook.com/pages/PostModern-Hot-News/689338197816682