එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ අර්බුදය සමනය වෙයි

10645145_700189556731546_4856156561754802797_n

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ අර්බුදය සමනය වෙයි

මුහුණු පොතෙන්

PostModern Hot News

ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයාගේ පාර්ශවය සහ මහින්ද ප්‍රියදර්ශන නමැති “විප්ලවවාදී” නායකයාගේ ( අනුරාධපුරයේ ගුරුවරුන් පිරිසකට අනුව දීප්තිට වඩා පොර මහින්දය ) පාර්ශවයන් දෙක අතර ඇති වී තිබු ආරවුල මේ වන විට විසඳි ඇති බව අප වෙත වාර්තා වේ. මෙහිදී 20කට නොවැඩි සමස්ත සාමාජිකත්වයෙන් 5 දෙනෙකු පමණ දීප්තිගේ පාර්ශවයටත් බහුතරය “විප්ලවවාදී” නායක මහින්දගේ පාර්ශවයටත් වශයෙන් බෙදීම හේතුවෙන් නැවතත් පක්ෂය කැඩී යාමේ ලජ්ජාවෙන් බේරීම සඳහා දීප්ති ඔවුන්ට මෙසේ කියා ඇත.

“හරි ඔයාල වැඩේ කරගෙන යන්න…..වෙබ් එකත් ඔයාලම කරන්න….. මම මගේ අවසාන කාලය පොත් ලිවීම සඳහා විතරක් කැප කරන්නම්. ඔයාලට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට මගෙන් “දැනුම” ගන්න පුළුවන්” යනුවෙන් අදාළ සංවාදයේදී පවසා තිබේ. මේ අනුව දීප්ති ඔහුට අනුව ලංකාවේ “දේව දාර්ශනිකයා” බවට පත්ව ඇත. ඔහු Slavoj Žižek මෙන් වසරකට අඩුතරමින් තඩි පොත් දෙකක්වත් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව දීප්ති විසින් පවසා තිබේ. මහින්ද සහ ඔහුගේ සහචරයන් විසින් යෙදූ උපක්‍රම අසාර්ථක වීමෙන් පසුව දීප්ති නමැති සංඛේත බලය නොමැතිව එලියට බැසීම සියදිවි හානි කරගැනීමක් සේ තේරුම් එම පිරිස අචාසානයේ දීප්තිගේ යෝජනාවට එකඟ වී තිබේ.

අර්බුදය තුල දීප්තිගේ පාර්ශවයේ කට්ටිය වී ඇත්තේ…. සුදර්ශන, අනිල්, භූපති, දමින්ද, ප්‍රබෝධ යන අය පමණක් බව වාර්තාවේ.

https://www.facebook.com/pages/PostModern-Hot-News/689338197816682


Leave a comment

වාරියපොළ නංගීට දීප්ති කුමාර ගුණරත්න නමැති පුද්ගලයා හමුවීම

වාරියපොළ නංගීට දීප්ති කුමාර ගුණරත්න නමැති පුද්ගලයා හමුවීම

මුහුණු පොතෙන්

Surekha Samarasena shared Thaksila Sandamali’s video.

18 hours ago

මේ වීඩියෝව බලන විට මොන හේතුවකට ද මන්දා මට මතක් වූයේ දීප්ති කුමාර ගුණරත්න නමැති පුද්ගලයා ම ය… ඇය මුණගැහෙන්නට තිබුණේ දිප්ති කුමාර ගුණරත්න නම් වන පුද්ගලයාට යැයි මට සිතේ… දීප්ති කුමාර ගුණරත්න මේ නැගණිය ඉදිරිපිට ‘ස්ත්‍රිය‘ නම් වූ ප්‍රපංචය මනෝවිශ්ලේෂණාත්මකව පැහැදිලි කරන විට ඇය කියන දේ නොතේරී හෝ තේරී හෝ මෙසේ හැසිරුණේ යැයි උපකල්පනය කරමු… එහිදී දීප්ති කුමාර ගුණරත්නට තමන්ගේ න්‍යාය විග්‍රහයට අදාලව සජීවී උදාහරණයක් ලැබෙන අතර ම ප්‍රායෝගික ප්‍රතිචාරයක් ද ලැබෙනු ඇත… එවැනි ක්ෂතිමය අද්දැකීමකින් පසුව ඔහු කුමක් කියනු ඇද්දැයි යන්න ගැන මම මේ මොහොතේ මනසින් මෙනෙහි කරමින් සිටිමි… (ප.ලි. – මේ නැගණියගේ මේ වැඩේ ගොන් පාට් වුවවත් එය දීප්ති කුමාර ගුණරත්න වැන්නෙකු ඉදිරිපිට පෙර කියන ලද සන්දර්භයේ වූවා නම් එය අතිශයින් දේශපාලනිකය… දීප්ති කුමාර ගුණරත්න වැන්නෙකුට ප්‍රතිචාරයක් වශයෙන් ඇගේ ක්‍රියාව මනාව ගැලපෙන්නේ යැයි සිතමි… මක්නිසාද යත් දීප්ති කුමාර ගුණරත්න සමහරවිට න්‍යායිකව ‘ස්ත්‍රිය‘ අතපතගාන්නේ බස්රියක දී කොල්ලෙකු කෙල්ලෙකු අතපතගානවාට වඩා ‘කැත‘ විදියට යි…)

Tania Perera pare yana kellanta anaswasya kata kata kiyana kollanta homba talla yana eka tamai hoda…….that ta duwa dushanaya kalat kello paduwa weda drage inna ona…habai api danne naa eya may kolu pateya monawada qwe kiyala oya taramata kente enna ..nangige gon part ekata jaya wewa
18 hours ago · Like · 1
Sanjaya Mathugama Liyanage සුරේකා ,ඒකනම් අවුල් වගේ..අනේ මන්දා ඔයාලා මෙච්චර මාර විග්‍රහයන් එක්ක ඉන්න ගමන් දීප්ති එක්ක අතින් පයිඉන් තරහ වෙන්නේ ඇයි? තරහ වෙන්න එපා ඒ කෙල්ලගේ වැඩේ ගොන් පාර්ට් කියලා එතන ඉන්න කොල්ලගේ තැනට දිප්තිව දාපු ගමන් ඔයාව කෙල්ලගේ තැනට වැටෙනවා.
14 hours ago · Like · 4
Oshka Rumesh Athukorala mehema wenawanam kochchara hodada? eeth last day ape bus ekedi kolla thamai kellata gehuwe! eka minihek mukuth kiwwe nee!
14 hours ago · Like
Surekha Samarasena Sanjaya Mathugama Liyanage ‘දීප්ති ඉන්න තැන‘ …………….?
14 hours ago · Like
Sarath Siyane nangi nodanna bambuwawal gana katha karanne nathuwa innawada… gon part ne thaman danna dewal gana witharak katha karanawanam oyata hondai…. api nodanna stri wadaya…..
14 hours ago · Like
Surekha Samarasena Sarath Siyane අපි නොදන්න ස්ත්‍රී වාදය අපි නොදන්න දීප්ති සහ අපි නොදන්න බම්බු
13 hours ago · Like · 1
Oshka Rumesh Athukorala අක්කෙ අක්කායි දීප්තියි අතර වාද කවි මඩුවක් තියමුද-පස් පාස්චාත් නූතන මොහොත, ස්ත්‍රිය සහ නිරුවත පෙන්වීමෙ අවරොධිත ආශාව!!
13 hours ago · Like
Surekha Samarasena Oshka Rumesh Athukorala දීප්ති එක්ක වාද කරන්න ඒ වචන සෙට් එකම එහා මෙහා කරන කස්ටියක් ඉන්නව නෙ… මගේ බාසාව දීප්තිට ගැලපෙන එකක් නෑ … ඒ වගේම දීප්තිගෙ බාසාව මට ගැලපෙන්නෙත් නෑ… ප්‍රතිවිරෝධතාවන් ගැටීමට මුහුණට මුහුණ විවාද ම අවශ්‍ය නෑ… සහ ඔහු කරන කියන දේ ඔහු කරයි… අනෙක් අය ඒ අයගෙ මතය ගෙන යයි… මට අනුව දීප්ති යනු දැනටමත් අවුට් වෙලා ඒත් හුරේ දමන ඉතා සුලු පිරිසක් සමග තව දුරටත් පිටියේ රැදී ඉන්නා නාකි බැට්ස්මන් කෙනෙක්…
13 hours ago · Like · 2 Continue reading


Leave a comment

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

අප පහත පළ කරන දීර්ඝ ලිපිය 2004 වර්ෂයේදී ‘මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම‘ ජනමාධ්‍යයට නිකුත් කළ එකකි. මෙය X කණඩායමේ දේශපාලනය පිළීබඳ යානිස් සටාව්රකාකිස් ගේ න්‍යාය ගැන්වීම ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් අඩංගු කරගනියි. සිංහල ලිපියට පෙර ඇති කෙටි ඉංග්‍රීසි ලිපිය ජනමාධ්‍ය ආයතන වෙත ලිපියේ අරමුණ පැහැදිළි කරමින් ලියා ඇත.

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

09-12-04

Dear …………..

We are forwarding herewith an article by one of our members. This is a Sinhala translation of an article by one of our members.

As we have pointed our earlier, the present socio-political condition is a result of rapid globalization and the increasing influence of capitalism. This condition is causing a new trend in politics. We have argued, time and again, that many political groups today are only a reaction to this situation, and not really attempts to counter this the existing social order. Following the theorizations of Yannis Stavrakakis, we argue that a demand for a return to a totalitarianist system, which is a demand for a guaranteeing Other, is the logical outcome of the chaos caused by capitalist social relations. This article discusses how the new demand for a ‘father’ and the establishment of order’ – probably the most powerful and popular political slogan in Sri Lanka today- is in fact a continuing demand for a totalitarian system.

We have taken the writings of the X Group as our point of departure, because they are the man proponents of this political slogan. However, we wish to emphasize, that the X Group is only the symptom of the real problem and they are not really the problem itself. The question that anybody would with to ask today is ‘where will our country end up?’ We don not even pretend to answer this question. But we feel that recent studies in psychoanalysis point the way towards totalitarianism, and we can already see its emergence in small groups that are organized around a central primordial figure.

We feel that this is an important contribution to the study of politics in Sri Lanka, and at the same time a study that has very practical implications. The way it points is a serious warning and if unheeded, this tendency can have dire consequences. Realizing the gravity of this situation, we have tried to theorize this problem and look at a very practical example that is available to everybody in writing. We have pointed out many times that our society is in search for a ‘master’. However, it is difficult to show this at a practical level, unless it is available in writing (we wish to remain clear of personal clashes because we are not interested in the individuals’ shortcomings) and the writings of the X group provide a very good example.

We sincerely hope you will publish this article in your newspaper, opening the possibility of a public discussion on this issue.

Thank you,
Yours truly,

Ruwantha Dissanayake,
General Secretary,
FEITP

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

1989 යනු බර්ලින් තාප්පය බිඳ වැටුණු වර්ෂය පමණක් නොවේ. අඳුරු නොවැම්බරයේ වැසි පිරුනු සන්ධ්‍යාවල රතු ධජ මගින් යටපත් කිරීමට උත්සාහ දැරෙන, මියගිය සගයන්ගේ සිහිනය මිහිදන් කළ වර්ෂයයි. එක් උදෑසනක සියල්ල මිය ගිය වර්ෂයයි. සිහිනය මිහිදන් කළ වර්ෂයයි. වසර පහළවකට පසු ආපහු හැරී බලන විට අප විසින් අත්පත් කරගෙන ඇත්තේ මොනවාද? ලාංකීය සමාජය වේගයෙන් ධනවාදයට යටත් වන විට, දරිද්‍රතාවය, සූරාකෑම එහි හිණිපෙත්තටම ලඟා වී ඇති මොහොතක දෘෂ්ඨිවාදීමය තලයේදී අප සමාජය ‘පියෙකු’ සොයමින් සිටින්නේ මන්ද? “තමාගේ දරුවාට ආදරය කිරීම දේශපාලනය” යයි යන සටන් පාඨයට අත්පො‍ළසන් දෙන අවාසනාවන්ත මාක්ස්වාදීන්ගේත්, සමාජ ප්‍රතිවිරෝධතා වලට හේතුව ව්‍යාජ මානසික රෝග තුළ සොයන ජනතාවකගේත් යුගය තුළ එක් මිනිසෙක් අපට ස්ථිරසාර ලෙස මෙසේ කියයි: “ආදරය යනු ඔබ සතුව නැති දෙය දීමයි.” සමාජය පරිපූර්ණ පියවරුන් සොයා යන මොහොතක, “තමා සතුව නැති දෙය” දීමේ දේශපාලනය සොයා යාමට අපි ඔබට ආරාධනා කරමු. මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ” දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට බුද්ධික බන්ඩාර යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් X කණ්ඩායමේ සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ X කණ්ඩායම බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය ඔවුන්ගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු X කණ්ඩායම විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

1) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:

“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
– බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37 Continue reading


Leave a comment

Friday Forum aligns with Rights Now, Collective for Democracy, an NGO that acts as a front for a Fascist and anti-feminist political group

P1010591

from Samajavichara facebook page

Friday Forum which describes itself as a “gathering of public spirited persons who are dedicated to promoting peace and development in Sri Lanka within a framework of democracy, social justice and pluralism” has aligned with an NGO named Rights Now, Collective for Democracy which acts as a front for a political group known as the Sri Lanka Vanguard Party (Sri Lanka Peratugami Pakshaya) which follows a fascist and anti-feminist agenda.

This new alliance has come to light with Samabima, the Sinhala monthly magazine published by the Rights Now, Collective for Democracy in its Febraury 2014 issue carrying a special four page supplement under the title Friday Forum in which it carries in full a recent statement by the Friday Forum. The supplement is presented as an official publication of the Friday Forum with its contact details and the list of names of Firday Forum’s currently active members given as follows: Dr. Jayantha Dhanapala, Professor Savitri Goonesekere, Dr. G. Uswatte Aratchi, Professor. Camena Gunaratne , Ms. Suriya Wickremasinghe, Rt. Reverend Duleep de Chickera, Professor Arjuna Aluwihare, Mr. Ahilan Kadirgamar, Mr. J.C. Weliamuna, Dr. A. C. Visvalingam, Ms. Anne Abayasekara Mr. Tissa Jayatilaka, Radhika Coomaraswamy, Rev. Dr. Jayasiri Peiris, Dr. Jayampathy Wickramaratne, , Dr. U. Pethiyagoda Prof. Gananath Obeysekera Mr. Danesh Casie Chetty, Professor. Ranjini Obeyesekere, Dr. Deepika Udagama, Ms. Sithie Tiruchelvam, Ms, Damaris Wickramasekera, Dr. Selvy Thiruchandran, Faiz Ur-Chandran, Ms. Manouri Muttetuwegama, Ms. Shanthi Dias, Javed Usuf and Mr. Chandra Jayaratne.

Sri Lanka Vanguard Party, formerly named X Group is well known for its vituperative attacks against members of civil society with the detrimental effect of silencing independent minds among the youth. It has also taken an anti-feminist stand in persistently and viciously attacking in a sexist manner female members of civil society whom they consider their political enemies. For example, the Sri Lanka Vanguard Party, on their web pages has been hounding for a long time a senior female academic mounting a massive and continuing sexist attack against her dragging her personal life into public discussion because she has been critical of authoritarian politics of Sri Lanka Vanguard Party/ X Group.

Leader of the Rights Now who appear in public as a civil rights activist has been a long standing leading member of the Sri Lanka Vanguard Party/ X Group and the Rights Now, Collective for Democracy which is known to be funded by the European Union among other international donors is seen to channeling the NGO funds to Sri Lanka Vanguard Party. The leader of the Sri Lanka Vanguard Party and a team of party cadres lead the training of young interns recruited to Rights Now via its internship programme mainly offered to young school leavers and undergraduates which functions as a front for recruiting cadres to the Sri Lanka Vanguard Party. Sama Bima the monthly Sinhala publication of Rights Now which also publishes weekly in a full page advertisement in the Ravaya Sinhala newspaper is the Sinhala publicity arm of the Rights Now, Collective for Democracy. It is by making Samabima their official publicity provider in Sinahala that the Friday forum has aligned with the Rights Now, Collective for Democracy.

Are the members of the Friday Forum aware of the far reaching implications of Friday Forum linking up with the NGO, Rights Now, Collective for Democracy? Are Friday Forum funds channeled to Rights Now, Collective for Democracy? Members of the public who have come to appreciate the work of Friday Forum would like to know the response of the Friday Forum to these questions.


Leave a comment

Politically motivated cyber-bullying on the part of so-called leftist groups

images

Politically motivated cyber-bullying on the part of so-called leftist groups
Prabha Manuratne
I see this latest attack by Sumith Chaaminda and his group on you as yet another display of their myopic politics. As someone who has been a repeated target of politically motivated cyber-bullying for many years now, I fully sympathize with the unenviable position you have been pushed into. Such politically inflected bullying does not demand that a truth be revealed but that we prove a lie to be a lie. Bullying and hate speech are characteristic arsenal of those who wish to silence others on cyber platforms. They were part of the strategy of the former X group. It was a strategy that we eschewed after the break-up of the group, and it is sad that former X-group members Sumith Chaaminda and Vidarshana Kannangara have chosen to continue such attacks. In my opinion, cyber-bullying has had a deleterious effect on the entire youth oriented political scene in Sri Lanka..
Sumith Chaminda

Sumith Chaminda

බලන්න, ‘කතිකා‘


Leave a comment

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

images

මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
කුමුදු කුසුම් කුමාර
අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා සේවයෙන් පහකිරීම විවේචනය කරමින් මා රාවය පුවත්පතට ලියූ ලිපිය මුල් කොට ගෙන මා අනුරුද්ධ ප්‍රදීප් ගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටියත් තවත් තරුණ කථිකාචාර්යවරයෙකුගේ රැකියාව අහිමි කිරීමට යටි උගුල් යෙදූ බවටත් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවටත් ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට චෝදනා නඟා තිබුණි. දෙවනුව කී ශිෂ්‍යයන් දෙදෙනා ගේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමෙන් මා ඔවුන් දෙදෙනා පිළිබඳ ඇති වෛරයත් එනිසා පළිගැනීමත් පෙන්නුම් කරන බව ඔවුහු සඳහන් කළෝය. මා එලෙස ඔවුන් සමඟ වෛර බැඳීමට හේතුව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ විසින් මා පිළිබඳ කළ දේශපාලන විවේචන බවත් එම විවේචන කළේ ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා නොව අන් අය බවත් එහෙයින් ඔවුන් නොකළ දෙයකට මා ඔවුන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගත් බවත් ඔවුහු සඳහන් කළෝය. ඔවුන් මෙයින් පෙන්නුම් කරන්නට තැත් කරන්නේ මා දේශපාලන සුචරිතවාදයෙකු වශයෙන් පෙනී සිටින සදාචාරවිරෝධියෙකු බවයි. ඒ අනුව ඔවුන් මා තක්කඩියෙකු, අමනයෙකු යනුවෙන් හඳුන්වමින් හෙළා දකියි. ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එල්ල කොට ඇති මෙම චෝදනා දෙකම අසත්‍ය බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි. බලන්න, ‘කතිකා‘


Leave a comment

Sumith Chaminda to make a voice recorded confession says Deeepthi Kumara Gunaratna’s lawyer

603083_10152403225845012_512808518_n

“ Thushara N Daskon පැයයි විනාඩි 40 ක දේශණයක් ලෙස සුමිත් චාමින්ද විසින් කරන ලද පාපොච්චාරණ ඇසූ විට මේ මහත්වරුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය සියළු දෙනාට හෙළිවනු ඇත. දෙසැම්බර් මාසයේ දී මේවා සුමිත් ගේ හඩින්ම සියළු දෙනාට ඇසිය හැක.“

———————————

Deepthi Kumara Gunaratna is the leader of the Sri Lanka Vanguard Party. His lawyer Thushara N Daskon has issued the following threat to the opponents of their party on the Facebook: “ When one gets to listen to Sumith Chaminda’s confession in the form of an hour and forty minutes lecture the democracy of these gentlemen will be revealed to everyone. In December everyone will be able to hear these in Sumith’s voice.” In this statement the term “these gentlemen” refers to those 140 odd members of the former X Group who broke away from the political group on the day of the Tsunami. Since then Deepthi has been out to destroy these opponents. It is not clear why Sumith Chaminda is making a recorded confession and to whom under what conditions,: nor who will be the publisher of this voice recording.

Sumith Chaminda having broken away from the X Group set up his own political group known as the Praxis Group and a web site called Disneylanka. He is said to be the theoretical advisor to the Frontline Socialist Party


Leave a comment

සංකේත පියාට තද වෙයි! දීප්ති ගෙන් සුමිත් චාමින්ද ලීලාරත්නට ප්‍රහාරයක්!!

603083_10152403225845012_512808518_n

විප්ලවය රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ!සංකේත පියාට තද වෙයි! දීප්ති ගෙන් සුමිත් චාමින්ද ලීලාරත්නට ප්‍රහාරයක්!!

අනුන් ශිෂ්ට කරන්නට යන්නා පළමුව තමා ශිෂ්ට විය යුතු නොවේද?

දීප්ති සුමිත් චාමින්ද ට ප්‍රහාරයක් එල්ල කොට තිබේ. සුමිත් චාමින්ද ගේ සයිබර් මැරකම් පිළිබඳ මෑතදී විවේචන එල්ල වූ සුමිත් චාමින්ද ට මැරකම් පුහුණු කළේ තමා වන හෙයින් ඔහු ආරක්ෂා කිරීමට දීප්ති සුමිත් චාමින්ද වෙනුවෙන් පෙනී සිටියේය. නමුත් දැන් තම වෙබ් අඩවියේ අලෙවිය පවත්වා ගැනීමට සහ ගෝල බාලයින් සතුටින් තබා ගැනීම අවශ්‍ය හෙයින් සුමිත් චාමින්ද ට පහර දීමට දීප්ති තීරණය කොට තිබේ.

දීප්ති හිතා ඉන්නේ තමා ලේකම් ධූරය දැරූ x කණ්ඩායම විප්ලවවාදී පක්ෂයක් කියායි. දීප්ති හිතා ඉන්නේ විප්ලවය යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් කියාය. ඔහු තම කාඩර්වරුන් පුහුණු කර ඇත්තේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා බව පෙනෙයි.

එම පක්ෂයට කාඩර්වරයන් පුහුණු කිරීමට දීප්ති කළ දේවල් සුමිත් චාමින්ද මෙසේ විස්තර කොට ඇත: දෛනික ක්‍රියාකරකම් තුළදී ආහාර ගන්නා ක්‍රමය, පවුල ශිෂ්ඨ සම්පන්න කිරීම, දරුවන් ශික්ෂණය කිරීම, නිවාසය පිළිවෙලට තබා ගැනීම, ඇදුම් සහ සෙසු පාරිභෝගික භාණ්ඩ තෝරා ගැනීම, පෙම් වතියට වෙස් මුහුණක් තනා දීම (දීප්තිට නම් අලුතින් වෙස් මුහුණු අවශ්‍ය නැත. උපතින් ගෙනා එක තිබේ.) , නිවසේ තීන්ත ගෑම, මිදුලේ මල් වැවීම, දුරකථන පණිවිඩ වලට සවන් දීම.

මෙය අපට සිහිපත් කරන්නේ සරසවි සිසුන්ට soft skills මෘදු නිපුණතා පුහුණු කරන්නේ යැයි කියන එස්.බී. දිසානායක ගේ නායකත්ව පුහුණුව යි. දීප්ති ගේ finishing school නැතහොත් සමාජයට කලඑළි බැස්වීමට හුරු කරන පාසලේ හැඳි ගෑරුප්පු වලින් කෑම ගැනීම, දොරට තට්ටු කොට කාමරයට ඇතුළු වීම, ‘එක්ස්කියුස් මී‘ ‘ප්ලීස්‘ ‘නෝ තෑන්ක් යූ“ යනාදී ඉංග්‍රීසියෙන් etiquette යනුවෙන් හැඳින්වෙන ආචාර සමාචාර විධි සහ වත් පිළිවෙත් උගන්වනු ලැබේ. ගමේ ගොඩේ තරුණ තරුණියන් ඊට ඇදී යාම අපට සිතා ගත හැකිය. නමුත් මුදල් ටිකක් වියදම් කරන්නට හැකිනම් ශිෂ්ට පසුබිමක් ඇති පුහුණු කරුවන්ගෙන් ඒවා ඉගෙන ගැනීමට අවස්ථාව සමාජයේ තිබේ. එම පාසැල් වල පාඨමාලා විස්තර මෙබඳුය: Personality Development, Gentlemen Etiquette, Dining Etiquette, Extra mile Etiquette, Social Etiquette, Children / Teenager Etiquette.

දීප්ති සිතන්නේ මේ යුගයේ විප්ලවවාදී කාර්යය තමන් මැද පන්තික නොවූවත් මැද පන්තික ලෙස හැසිරීමට හැකි බව කියා පාඨමාලා ගාස්තු අයකරගෙන ගමේ ගොඩේ තරුණ තරුණියන් ඇන්දවීමයි. කඩේ යැවීමයි. දීප්ති හිතන්නේ තමාගේ දේශපාලන කාර්යය ගමේ ගොඩේ තරුණ තරුණියන් තම ගුහාවට ඇද ගෙන ඔවුන් බලාත්කාරයෙන් ශිෂ්ට කිරීම කියායි. අනුන් ශිෂ්ට කරන්නට යන්නා පළමුව තමා ශිෂ්ට විය යුතු නොවේද? දීප්ති තම දේශපාලන සතුරන්ට එල්ල කරන නින්දිත මැර ප්‍රහාර පෙන්වන්නේ දීප්ති ගේ අශිෂ්ට කම නොවේද?

දීප්ති කියන්නේ තමා දුන් පුහුණුව නිසා සුමිත් චාමින්ද අද සැබෑ මධ්‍යම පංතිකයෙකු වී ඇති බවයි. සුමිත්ට මේ හැකියාව ලැබුනේ දීප්ති නිසා නොව නොර්වේ යාම නිසා තවත් අය කියති. වෙනත් අය කියන්නේ සුමිත් සැබෑ මැද පංතිකයෙකු වූයේ නිෂාන් අයිසීඊඑස් ආයතනයේ පිහිටුවා තිබූ finishing school එකේ මැද පංතික තරුණියන් ගේ සාද ඇසුර නිසා කියායි. අදටත් සුමිත් ආසියාවටම උපායික විශ්ලේෂණය (විචාරය නොවේ) සපයන නිෂාන් ද මෙල් ගේ Verité Research ආයතනයේ දේශපාලන පර් යේෂණ අංශයේ ප්‍රධානියා ව සිටින්නේ ඒ නිසා විය යුතුය. දීප්ති වගේ නොව සුමිත් ස්විට්සර්ලන්තයේ සහ එංගලන්තයේ පවා finishing school වලට යාමේ භාග්‍ය්‍ය ලබා ඇත. ඔහු තමන් ප්‍රධාන සංස්කාරක පදවිය දරන Praxis සඟරාවේ සහ ඩිස්නිලංකා වෙබ් අඩවියේ පෙන්නුම් කරන්නේ මෙම ශිෂ්ටත්වයයි. නිෂාන් ගෙන් උගත් දේශපාලන පර් යේෂණ කෘතහස්තභාවයයි. එපමණක් ද ඔහු ගෙන් බූන්දි කන තරුණ පිරිසක් ඔහුගේ මෙම ශිෂ්ටභාවය වෙනුවෙන් ඔහුට නිරතුරුවම ස්ත්‍රෝත ගායනා කිරීම සඳහා සාහිත්‍යමය වෙබ් අඩවියක් ද පිහිටුවා තිබේ. ඉතින් මෙබඳු ආසියාවම පිළිගත් ශිෂ්ට දේශපාලන පර් යේෂකයෙකු තම විප්ලවවාදී පක්ෂයේ න්‍යාය පිළිබඳ උපදේශකයා ලෙස පිළිගැනීමට පුබුදු ජාගොඩ නොපැකිලීම පුදුමයක්ද? සුමිත් ගේ පශ්චාත් දේශපාලන ධර්මය අසා අමන්දානන්දයට පත් පුබුදු ලා ගේ පෙරටුගාමී පක්ෂය සුමිත් ගේ න්‍යායික උපදෙස් අනුව දීප්ති ගේ රාත්‍රී භෝජන සංග්‍රහ පක්ෂයේ නමත් හොරගෙන දේශපාලනය කරනවා වෙනුවට සන්නස්ගල ප්‍රචාරක සාහිත්‍ය සංගමයක් බවට පත් වී ඇතැයි ජේවීපී කාරයන් ප්‍රචාරය කරන්නේ ඉරිසියාවටයි. ජේවීපී පෙරටුගාමී ගැටුමෙන් අනාථ වී සිටින වාම වලිප්පුවාදීන් දැන් දීප්තිගේ finishing school එකට බැඳෙමින් සිටිති.

දීප්ති ගේ මෙම finishing school එකේ පුහුණුව නිම කළ 145 කට ආසන්න පිරිසෙන් සුනාමිය දා පැවැත්වූ උපාධි ප්‍රධානෝත්සවයේදී 140 ක්ම නික්ම යාම (ඉතිරි වූ පස් දෙනාගෙන් අනූෂා ඇරුණු විට කෝදාගොඩ කෙළින්ම ස්විට්සර්ලන්තයේ ම finishing school එකකට ගියේ පශ්චාත් උපාධිය සඳහා යැයි තරහ කාරයෝ කියති. ) පිළිබඳ දීප්ති ට මහත් ආඩම්බරයක් ඇති බව මෙම පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයෙකු ලෙස මනා දීප්තිකරණය කට ලක්වූ බව ක්‍රියාවෙන් අදත් ඔප්පු කර සිටින සුමිත් චාමින්ද ඇගයීමට අවුරුදු 09 කට පසුව ත් දීප්ති පෙරමුණ ගැනීමෙන් ඔප්පු වෙයි.

දීප්ති ගේ finishing school එකේ පාඨමාලා අධ්‍යක්ෂ මහින්ද ප්‍රියදර්ශණ දැන් කොහේද?

දීප්ති ගේ පශ්චාත් ලකානියනු විප්ලලවවාදයට අනුව ‘එක් මිනිසෙකු වෙනස් කිරීමෙන් මුළු සමාජයම වෙනස් කළ හැකිය.‘ මේ ලිබරල්වාදී චින්තනයයි.


Leave a comment

වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර / සංස්කාරක සහ මුද්‍රිත සඟරා සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු

mangala-ruvan_300_199

අන්තර්ජාලයේ වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර / සංස්කාරක සහ සඟරා / පත්තර සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු තිබේ. 2030 ලංකා වසන්තය වෙනුවෙන් ලාංකේය තරුණ තරුණියන් සහ අන්තර්ජාලයේ කාලය ගත කරන සිතින් තරුණ වැඩිහිටියන්ද වයසක අයද අවශ්‍ය අවස්ථාවේදී නාගරික ගරිල්ලා විප්ලවය අනුව යමින් පාරට බැස්සවීම සඳහා ඔවුන් අන්තර්ජාලයට ඇද බැඳ තබා ගැනීම ට වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර සහ මුද්‍රිත සඟරා/ පත්තර පළ කිරීම සඳහා editor in chief / සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු තිබේ.

අපි ප්‍රකාශන ෆෝර්මැට් එක සපයා පළකිරීම සංවිධානය කරන්නෙමු. දේශපාලන ප්‍රවෘත්ති සදා දෙන්නෙමු. ඔබට සහායට පළමුව සහායකයන් දෙදෙනෙකු ද සපයා දෙන්නෙමු.

ඔබේ වගකීම වන්නේ සතියකට අඩුම ගණනේ කතන්දර දෙකක් ලියා පළකරමින් ආරම්භයේදී දිනකට අඩු ගණනේ hits දහසක් වත් එන ආකාරයට ඒවා ලිවීමයි. එයින් පසුව වැඩිවන හැම හිට් එකකටම ඔබට සහ කාර්ය මංඩලයට බෝනස් ගෙවනු ඇත.

අකුරු ලිවීමේ හැකියාවට අමතරව දෙපිට කැපෙන කුණුහරුප හෝ ඊට සමීප භාෂාවක් පාවිච්චි කිරීමේ හැකියාව මෙම තනතුර සඳහා සුදුසුකමක් වනු ඇත. තමන්ගේ ගෙදර ප්‍රියාදරියගෙන් හෝ දුවා දරුවාගෙන් වසන් කළත් වැඩිපුරම සුදු ස්ත්‍රීන්ගේ අවයව විදහා පෙන්වන නිරුවත් ස්ත්‍රී ඡායාරූප ස්ත්‍රීවාදයේ නාමයෙන් ඔබේ වෙබ් අඩවියේ අලෙවිය නංවා ලීම සඳහා නිදහසේ යොදා ගත හැකි පශ්චාත් නූතන එඩිතරකමක් තිබිය යුතුය. පවුල රැක ගැනීම සඳහා න්‍යාය සපයන අතරේ සනත් ගෙන් දික්කසාදය ඉල්ලා සිටින සැන්ඩ්‍රා තම සුනඛයා සමඟ සිටින ඡායාරූප වැඩි යමක් ඇඟවෙන සේ පළ කළ හැකි වීමේ ආදර්ශය අනුව යාමට තරම් පෙරටුගාමී විය යුතුය. එහිදී සැන්ඩ්‍රාගේ දරුවන් පිළිබඳ ආචාර ධර්මීය භාවය 2030 ලංකා වසන්තය වෙනුවෙන් කැප කිරීමට හැකි විය යුතුය. ඔබේ සඟරාව/ පත්තරය නාගරික ගරිල්ලා විප්ලවයෙන් පසු ගොඩ නඟනු ලබන නව සමාජයේ නව මිනිසා ගේ පාඨක ප්‍රේක්ෂක රුචිකත්වයන් ට ගැළපෙන පරිද්දෙන් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය ‘ජනරළ‘ත් ‘ලංකා‘ ත් ‘රාවය‘ත් ‘රිද්ම‘ ත් ‘ප්ලේ බෝයි‘ සගරාවත් සියල්ලේ හරය එකට කැටිකර ගනිමින් සකස් විය යුතුය.

කාගෙත් බලාපොරොත්තුව වන රාජපක්ෂ රෙජීමය හැඳි ගෑවී යාමට දායක වන පරිද්දෙන් සෘජුව සහ වක්‍රව පුවත් සහ කතන්දර පළ කරන අතරතුරම මංගල සහ රනිල්ට විරුද්ධ කිසිවක් තම අඩවියේ පළ නොකිරීමට වල බලා ගත යුතු අතර ජවිපෙ සහ සමාජවාදී පෙරටුගාමී පක්ෂවලට සපෝට් කරන බව අඟවමින් ඒවාට හීන් නූලේ ප්‍රහාර එල්ල කරමින් ලාංකේය වමේ නව නායකයා ලෙස දීප්ති උඩ දමන වැඩ පිළිවෙළ subliminal message එකක් ලෙස සියුම්ව ඉදිරිපත් කළ හැකි විය යුතුය. Subliminal වැඩට හැකියාව නොමැති නම් එළිපිටම හෝ එය කළ යුතුය. මන්ද යත් 2030 ලංකා වසන්තයේ සාර්ථකත්වය දීප්ති ගේ උපායික සහ න්‍යායික නායකත්වය මත රඳා පවතින හෙයිනි. දීප්ති නිමල්කා ගේ අලුත් උදෑසනක් අධිවේගී මාර්ගය විවෘත කිරීමේ රැස්වීමේදී ‘නායකයා කවුද?‘ යනුවෙන් වොයිස් ක්ලිප් එකක් දෙමින් රනිල් ට තල්ලුවක් දුන් ආකාරයට ව්‍යංගයෙන් රනිල් සහ මංගල ගේ ප්‍රතිරූප නඟා සිටුවීම කිරීමට දායක විය යුතුය.

ඔබට මෙම සුදුසුකම් සපුරා ලීමේ හැකියාව ඇතැයි ඔබ සිතන්නේ නම් ‘සමාජ විචාර‘ භාරේ ‘රුවන්‘වෙත ඉල්ලුම් කරන්න.

හැකියාවක් නැතත් මෙම තනතුර භාරගන්නට කැමති නම් එයම පමණක් වුව සුදුසුමක් ලෙස සළකා අපි ඔබට තනතුර දෙන්නෙමු. එවිට රාජපක්ෂ රෙජීමයට උග්‍ර විරෝධයක් ඇති කොල්ලන් කෙල්ලන් දෙන්නෙක් ලවා වැඩ කරවා ගෙන ඔබට ප්‍රධාන කර්තෘ ධුරය දැරිය හැක.

මන්ද විප්ලවය තව දුරටත් පමා කළ නොහැකි හෙයිනි. ඇමතිකම් නැතිව මංගල කොතෙක් නම් කල් එලියේ ටැග් ගැහෙන්නද?

පසු පුවත

‘වෙබ් ගෝඩ් ෆාදර්’ ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටින රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් ‘ලංකා හෙරල්ඩ් (lankaherald.com) නමින් අලුත් වෙබ් අඩවියක් අද සයිබර් අවකාශයට මුදාහැර ඇත.

‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන ‘ද තින්ක් ටෑන්ක්’ සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස මෑතක් වනතුරුම කටයුතු කල ඒ මහතා ‘ලංකා හෙරල්ඩ්’ නමින් නව මාධ්‍ය ආයතනයක් පිහිටුවා මෙම වෙබ් අඩවිය ආරම්භකර ඇත.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පලවන මෙම වෙබ් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කරන්නේ, ‘රාවය’ පුවත්පත් සිටි ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන ජයසිරි ජයසේකර මහතාය.

මාධ්‍යවේදී බාසුරු ජයවර්ධන මෙම වෙබ් අඩවියේ ප්‍රවෘර්ති කර්තෘ ලෙස කටයුතු කරන අතර ජයසිරි අලවත්ත, කේ.කේ. සමන් කුමාර, කැලුම් අමරසිංහ හා තුසිත බාලසුරිය සෙසු කර්තෘ මණ්ඩල සමාජිකයින්වේ.


Leave a comment

දීප්ති ප්‍රභා ට දුන් අසාර්ථක උත්තරය නොහොත් දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද?

6782250570_178eba0949_z

තමන්ගේ තුනමාන වෙබ් අඩවියේ ප්‍රභා ගේ පවුල් ජීවිතය ගැන තමන් ට ඇති අවුල ප්‍රදර්ශනය කරන ලිපියක් ඊට කමෙන්ටු 14 ක් ඇතැයි නිරතුරුව ජීවමානව තබා ගන්නා දීප්ති (මේ අඩවියේ කමෙන්ටු වැඩි හරියක් දීප්ති ම ලියා ගන්නා ඒවාය. නැතුව දීප්ති ගේ විකාර කියවන අය ට ඒවා තේරෙන්නේ නැති නිසා කවුරුත් ඒ ගැන අදහසක් පළකරන්නේ නැත.) ප්‍රභා එම ලිපියට දුන් සවිස්තර පිළිතුර ට (බලන්න http://workingpps.wordpress.com/2013/09/09/16/ ) මුහුණ නොදී අනං මනං දොඩමින් සිටි දීප්ති දැන් ප්‍රභාට ‘අ සමබිම‘ හි පිළිතුරක් දෙන්නට උත්සාහ කරයි. දීප්ති ඒ ගැන ලියන්නේ “තමන්ට බොහෝ දේවල් ගැන අවබෝධයක් ඇතැයි තමන්ම කියා ගන්නා කෙනෙකු පහත ආකාරයට මට විවේචනයක් කරයි“ යනුවෙනි.

අපේ මෙම විවේචනය තමන්ගේ පිළිතුරක් අවශ්‍ය විටක ලියන්නට ප්‍රභා ට තිබිය යුතු අයිතිය පැහැර ගැනීමක් නොවේ.

දීප්ති මෙසේ කියයි: “ ඔහුට අනුව සියලුම පිරිමින් හම සුදු ගැහැනුන්ට ආශා කරයි. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් හෝ තම සමාජ පන්තියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි.”

ප්‍රභා ගේ ලිපියේ එන අදාල මුල් (original) ඡේදය මෙසේය:
“ සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ ඔහු කරන්නේ සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.“ ( http://workingpps.wordpress.com/2013/09/09/16/ )

දැන් දීප්ති මෙසේ උත්තර බඳියි:
“උත්තරය – මනෝ විශ්ලේෂණයේ ප්‍රධානම මූලධර්මය යනු අවිඥාණික ආශාව නිර්වචනය කිරීමයි. සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය. ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය. සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි. මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ. ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය. “

තමා ‘සියලුම පිරිමින්‘ ට යම් දේවල් ආදේශ කළ බව දීප්ති පිළිගනියි. දැන් ඔහු “සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය“ යි කියයි. සියලුම පිරිමින් “විශේෂ පිරිමියෙකු“ වන්නේ දීප්ති උගත් (තේ කුමන සුදුසුකම් ලත් මනෝ විශ්ලේෂකයෙකුගෙන්ද? ) මනෝ විශ්ලේෂණ තර්කයකට අනුව විය යුතුය. දීප්ති වචන සෙල්ලම තුළ තමාගේ පරාජය සඟවන්නට තැත් කරයි. බලන්න: “සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි” යි කියයි. දීප්ති කියන්නේ සාර්වත්‍රික විශේෂ යැයි බෙදීමක් නැත කියාය. ඉතින් ඔහු ‘සෑම‘ කියන විට ඉන් අදහස් කරන්නේ ‘සුවිශේෂ‘ කියා බව අප තේරුම් ගත යුතුය. නමුත් තමන් ‘සෑම‘ යැයි එකල කියූ විට තමා ඉන් අදහස් කරන ‘සුවිශේෂ‘ පුරුෂයා කවුදැයි දීප්ති එදා කීවේ නැත. දැන් ප්‍රභා ගේ විවේචනයට පසු දීප්ති ඒ ගැන මෙසේ කියයි : “ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය.”මේ දීප්ති ගේ පිරිමියාය. “මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ“ යැයි දීප්ති ඊළඟට කියයි. පැවැත්ම කියන්නේ මොකක්ද? පැවැත්ම අනුභූතිකයෙන් වෙනස් වන්නේ කොහොමද? “ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය.“ පැවැත්මෙන් “ග්‍රාමීය, සිංහල“ පිරිමියා අපි හඳුනා ගන්නේ කෙසේද? “ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ“ සෑම “පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමට“ ද? දීප්ති මෙසේ කියන්නේ කුමන සමාජමය පදනමක් ඇතිවද?

මේ පිරිමියා අන් කවරෙකු වත් නොව දීප්ති මය. මේ දීප්ති ගේ ෆැන්ටසි යයි.

මේවා අවිචාරයෙන් දීප්ති ගේ ඊනියා මනෝ විශ්ලේෂණ නිර්වචන සහ වචන හරඹ වලට ගිනි කණ වැටෙන “ග්‍රාමීය, සිංහල“ පිරිමින්ට සහ ගැහැණුන්ටම ගැලපෙන අපභ්‍රංස මිස කිසි අරුතක් ඇති ප්‍රකාශ නොවේ. දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද යන්න මේවා කියවන කෙනෙකුට තේරෙයි. දීප්ති තමන්ගේ සඟරා වෙබ් අඩවි සුදු පාට හමක් ඇති ස්ත්‍රීන්ගේ අඩ නිරුවත් රූප වලින් පුරවාලන්නේ මේ “ග්‍රාමීය, සිංහල“ පිරිමියා සහ ස්ත්‍රිය තමන්ගේ ග්‍රහාවට ඇද ගැනීමට විය යුතුය.

දීප්තිට අනුව ස්ත්‍රීවාදය යනු එකකි. ස්ත්‍රීවාදය තමන්ම විචාරයට ලක් කර ගනිමින් විවිධ අවධි තුළින් යමින් වෙනස් වෙමින් පැවතී ඇති ආකාරය ත් ස්ත්‍රීවාදීන් සාරයක් ගැන සෙවීම අත්හැර බොහෝ කල බවත් ‘ස්ත්‍රීවාදය 101‘ වැනි පාඨමාලාවක් ඉගෙන ගන්නා පළමු වසරේ විශ්ව විද්‍යාල සිසුවියෝ දනිති.

දීප්ති ට ස්ත්‍රිය හමුවන තැන ඇයගේ වසාරොද දුටු විට දීප්ති ස්ත්‍රියට යටත් වෙයි. දීප්ති ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ලෝකයේ බල සබඳතා දකින්නේ එපරිදිය. ඒ දීප්ති ගේ අත්දැකීමයි.