එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර / සංස්කාරක සහ මුද්‍රිත සඟරා සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු

mangala-ruvan_300_199

අන්තර්ජාලයේ වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර / සංස්කාරක සහ සඟරා / පත්තර සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු තිබේ. 2030 ලංකා වසන්තය වෙනුවෙන් ලාංකේය තරුණ තරුණියන් සහ අන්තර්ජාලයේ කාලය ගත කරන සිතින් තරුණ වැඩිහිටියන්ද වයසක අයද අවශ්‍ය අවස්ථාවේදී නාගරික ගරිල්ලා විප්ලවය අනුව යමින් පාරට බැස්සවීම සඳහා ඔවුන් අන්තර්ජාලයට ඇද බැඳ තබා ගැනීම ට වෙබ් අඩවි ප්‍රවෘත්ති සඟරා/ පත්තර සහ මුද්‍රිත සඟරා/ පත්තර පළ කිරීම සඳහා editor in chief / සංස්කාරක තනතුරු සඳහා ඇබෑර්තු තිබේ.

අපි ප්‍රකාශන ෆෝර්මැට් එක සපයා පළකිරීම සංවිධානය කරන්නෙමු. දේශපාලන ප්‍රවෘත්ති සදා දෙන්නෙමු. ඔබට සහායට පළමුව සහායකයන් දෙදෙනෙකු ද සපයා දෙන්නෙමු.

ඔබේ වගකීම වන්නේ සතියකට අඩුම ගණනේ කතන්දර දෙකක් ලියා පළකරමින් ආරම්භයේදී දිනකට අඩු ගණනේ hits දහසක් වත් එන ආකාරයට ඒවා ලිවීමයි. එයින් පසුව වැඩිවන හැම හිට් එකකටම ඔබට සහ කාර්ය මංඩලයට බෝනස් ගෙවනු ඇත.

අකුරු ලිවීමේ හැකියාවට අමතරව දෙපිට කැපෙන කුණුහරුප හෝ ඊට සමීප භාෂාවක් පාවිච්චි කිරීමේ හැකියාව මෙම තනතුර සඳහා සුදුසුකමක් වනු ඇත. තමන්ගේ ගෙදර ප්‍රියාදරියගෙන් හෝ දුවා දරුවාගෙන් වසන් කළත් වැඩිපුරම සුදු ස්ත්‍රීන්ගේ අවයව විදහා පෙන්වන නිරුවත් ස්ත්‍රී ඡායාරූප ස්ත්‍රීවාදයේ නාමයෙන් ඔබේ වෙබ් අඩවියේ අලෙවිය නංවා ලීම සඳහා නිදහසේ යොදා ගත හැකි පශ්චාත් නූතන එඩිතරකමක් තිබිය යුතුය. පවුල රැක ගැනීම සඳහා න්‍යාය සපයන අතරේ සනත් ගෙන් දික්කසාදය ඉල්ලා සිටින සැන්ඩ්‍රා තම සුනඛයා සමඟ සිටින ඡායාරූප වැඩි යමක් ඇඟවෙන සේ පළ කළ හැකි වීමේ ආදර්ශය අනුව යාමට තරම් පෙරටුගාමී විය යුතුය. එහිදී සැන්ඩ්‍රාගේ දරුවන් පිළිබඳ ආචාර ධර්මීය භාවය 2030 ලංකා වසන්තය වෙනුවෙන් කැප කිරීමට හැකි විය යුතුය. ඔබේ සඟරාව/ පත්තරය නාගරික ගරිල්ලා විප්ලවයෙන් පසු ගොඩ නඟනු ලබන නව සමාජයේ නව මිනිසා ගේ පාඨක ප්‍රේක්ෂක රුචිකත්වයන් ට ගැළපෙන පරිද්දෙන් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය ‘ජනරළ‘ත් ‘ලංකා‘ ත් ‘රාවය‘ත් ‘රිද්ම‘ ත් ‘ප්ලේ බෝයි‘ සගරාවත් සියල්ලේ හරය එකට කැටිකර ගනිමින් සකස් විය යුතුය.

කාගෙත් බලාපොරොත්තුව වන රාජපක්ෂ රෙජීමය හැඳි ගෑවී යාමට දායක වන පරිද්දෙන් සෘජුව සහ වක්‍රව පුවත් සහ කතන්දර පළ කරන අතරතුරම මංගල සහ රනිල්ට විරුද්ධ කිසිවක් තම අඩවියේ පළ නොකිරීමට වල බලා ගත යුතු අතර ජවිපෙ සහ සමාජවාදී පෙරටුගාමී පක්ෂවලට සපෝට් කරන බව අඟවමින් ඒවාට හීන් නූලේ ප්‍රහාර එල්ල කරමින් ලාංකේය වමේ නව නායකයා ලෙස දීප්ති උඩ දමන වැඩ පිළිවෙළ subliminal message එකක් ලෙස සියුම්ව ඉදිරිපත් කළ හැකි විය යුතුය. Subliminal වැඩට හැකියාව නොමැති නම් එළිපිටම හෝ එය කළ යුතුය. මන්ද යත් 2030 ලංකා වසන්තයේ සාර්ථකත්වය දීප්ති ගේ උපායික සහ න්‍යායික නායකත්වය මත රඳා පවතින හෙයිනි. දීප්ති නිමල්කා ගේ අලුත් උදෑසනක් අධිවේගී මාර්ගය විවෘත කිරීමේ රැස්වීමේදී ‘නායකයා කවුද?‘ යනුවෙන් වොයිස් ක්ලිප් එකක් දෙමින් රනිල් ට තල්ලුවක් දුන් ආකාරයට ව්‍යංගයෙන් රනිල් සහ මංගල ගේ ප්‍රතිරූප නඟා සිටුවීම කිරීමට දායක විය යුතුය.

ඔබට මෙම සුදුසුකම් සපුරා ලීමේ හැකියාව ඇතැයි ඔබ සිතන්නේ නම් ‘සමාජ විචාර‘ භාරේ ‘රුවන්‘වෙත ඉල්ලුම් කරන්න.

හැකියාවක් නැතත් මෙම තනතුර භාරගන්නට කැමති නම් එයම පමණක් වුව සුදුසුමක් ලෙස සළකා අපි ඔබට තනතුර දෙන්නෙමු. එවිට රාජපක්ෂ රෙජීමයට උග්‍ර විරෝධයක් ඇති කොල්ලන් කෙල්ලන් දෙන්නෙක් ලවා වැඩ කරවා ගෙන ඔබට ප්‍රධාන කර්තෘ ධුරය දැරිය හැක.

මන්ද විප්ලවය තව දුරටත් පමා කළ නොහැකි හෙයිනි. ඇමතිකම් නැතිව මංගල කොතෙක් නම් කල් එලියේ ටැග් ගැහෙන්නද?

පසු පුවත

‘වෙබ් ගෝඩ් ෆාදර්’ ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටින රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් ‘ලංකා හෙරල්ඩ් (lankaherald.com) නමින් අලුත් වෙබ් අඩවියක් අද සයිබර් අවකාශයට මුදාහැර ඇත.

‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන ‘ද තින්ක් ටෑන්ක්’ සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස මෑතක් වනතුරුම කටයුතු කල ඒ මහතා ‘ලංකා හෙරල්ඩ්’ නමින් නව මාධ්‍ය ආයතනයක් පිහිටුවා මෙම වෙබ් අඩවිය ආරම්භකර ඇත.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පලවන මෙම වෙබ් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කරන්නේ, ‘රාවය’ පුවත්පත් සිටි ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන ජයසිරි ජයසේකර මහතාය.

මාධ්‍යවේදී බාසුරු ජයවර්ධන මෙම වෙබ් අඩවියේ ප්‍රවෘර්ති කර්තෘ ලෙස කටයුතු කරන අතර ජයසිරි අලවත්ත, කේ.කේ. සමන් කුමාර, කැලුම් අමරසිංහ හා තුසිත බාලසුරිය සෙසු කර්තෘ මණ්ඩල සමාජිකයින්වේ.


Leave a comment

දීප්ති ප්‍රභා ට දුන් අසාර්ථක උත්තරය නොහොත් දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද?

6782250570_178eba0949_z

තමන්ගේ තුනමාන වෙබ් අඩවියේ ප්‍රභා ගේ පවුල් ජීවිතය ගැන තමන් ට ඇති අවුල ප්‍රදර්ශනය කරන ලිපියක් ඊට කමෙන්ටු 14 ක් ඇතැයි නිරතුරුව ජීවමානව තබා ගන්නා දීප්ති (මේ අඩවියේ කමෙන්ටු වැඩි හරියක් දීප්ති ම ලියා ගන්නා ඒවාය. නැතුව දීප්ති ගේ විකාර කියවන අය ට ඒවා තේරෙන්නේ නැති නිසා කවුරුත් ඒ ගැන අදහසක් පළකරන්නේ නැත.) ප්‍රභා එම ලිපියට දුන් සවිස්තර පිළිතුර ට (බලන්න http://workingpps.wordpress.com/2013/09/09/16/ ) මුහුණ නොදී අනං මනං දොඩමින් සිටි දීප්ති දැන් ප්‍රභාට ‘අ සමබිම‘ හි පිළිතුරක් දෙන්නට උත්සාහ කරයි. දීප්ති ඒ ගැන ලියන්නේ “තමන්ට බොහෝ දේවල් ගැන අවබෝධයක් ඇතැයි තමන්ම කියා ගන්නා කෙනෙකු පහත ආකාරයට මට විවේචනයක් කරයි“ යනුවෙනි.

අපේ මෙම විවේචනය තමන්ගේ පිළිතුරක් අවශ්‍ය විටක ලියන්නට ප්‍රභා ට තිබිය යුතු අයිතිය පැහැර ගැනීමක් නොවේ.

දීප්ති මෙසේ කියයි: “ ඔහුට අනුව සියලුම පිරිමින් හම සුදු ගැහැනුන්ට ආශා කරයි. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් හෝ තම සමාජ පන්තියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි.”

ප්‍රභා ගේ ලිපියේ එන අදාල මුල් (original) ඡේදය මෙසේය:
“ සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ ඔහු කරන්නේ සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.“ ( http://workingpps.wordpress.com/2013/09/09/16/ )

දැන් දීප්ති මෙසේ උත්තර බඳියි:
“උත්තරය – මනෝ විශ්ලේෂණයේ ප්‍රධානම මූලධර්මය යනු අවිඥාණික ආශාව නිර්වචනය කිරීමයි. සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය. ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය. සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි. මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ. ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය. “

තමා ‘සියලුම පිරිමින්‘ ට යම් දේවල් ආදේශ කළ බව දීප්ති පිළිගනියි. දැන් ඔහු “සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය“ යි කියයි. සියලුම පිරිමින් “විශේෂ පිරිමියෙකු“ වන්නේ දීප්ති උගත් (තේ කුමන සුදුසුකම් ලත් මනෝ විශ්ලේෂකයෙකුගෙන්ද? ) මනෝ විශ්ලේෂණ තර්කයකට අනුව විය යුතුය. දීප්ති වචන සෙල්ලම තුළ තමාගේ පරාජය සඟවන්නට තැත් කරයි. බලන්න: “සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි” යි කියයි. දීප්ති කියන්නේ සාර්වත්‍රික විශේෂ යැයි බෙදීමක් නැත කියාය. ඉතින් ඔහු ‘සෑම‘ කියන විට ඉන් අදහස් කරන්නේ ‘සුවිශේෂ‘ කියා බව අප තේරුම් ගත යුතුය. නමුත් තමන් ‘සෑම‘ යැයි එකල කියූ විට තමා ඉන් අදහස් කරන ‘සුවිශේෂ‘ පුරුෂයා කවුදැයි දීප්ති එදා කීවේ නැත. දැන් ප්‍රභා ගේ විවේචනයට පසු දීප්ති ඒ ගැන මෙසේ කියයි : “ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය.”මේ දීප්ති ගේ පිරිමියාය. “මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ“ යැයි දීප්ති ඊළඟට කියයි. පැවැත්ම කියන්නේ මොකක්ද? පැවැත්ම අනුභූතිකයෙන් වෙනස් වන්නේ කොහොමද? “ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය.“ පැවැත්මෙන් “ග්‍රාමීය, සිංහල“ පිරිමියා අපි හඳුනා ගන්නේ කෙසේද? “ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ“ සෑම “පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමට“ ද? දීප්ති මෙසේ කියන්නේ කුමන සමාජමය පදනමක් ඇතිවද?

මේ පිරිමියා අන් කවරෙකු වත් නොව දීප්ති මය. මේ දීප්ති ගේ ෆැන්ටසි යයි.

මේවා අවිචාරයෙන් දීප්ති ගේ ඊනියා මනෝ විශ්ලේෂණ නිර්වචන සහ වචන හරඹ වලට ගිනි කණ වැටෙන “ග්‍රාමීය, සිංහල“ පිරිමින්ට සහ ගැහැණුන්ටම ගැලපෙන අපභ්‍රංස මිස කිසි අරුතක් ඇති ප්‍රකාශ නොවේ. දීප්ති විශ්ව විද්‍යාලයක පා නොතැබුවේ මන්ද යන්න මේවා කියවන කෙනෙකුට තේරෙයි. දීප්ති තමන්ගේ සඟරා වෙබ් අඩවි සුදු පාට හමක් ඇති ස්ත්‍රීන්ගේ අඩ නිරුවත් රූප වලින් පුරවාලන්නේ මේ “ග්‍රාමීය, සිංහල“ පිරිමියා සහ ස්ත්‍රිය තමන්ගේ ග්‍රහාවට ඇද ගැනීමට විය යුතුය.

දීප්තිට අනුව ස්ත්‍රීවාදය යනු එකකි. ස්ත්‍රීවාදය තමන්ම විචාරයට ලක් කර ගනිමින් විවිධ අවධි තුළින් යමින් වෙනස් වෙමින් පැවතී ඇති ආකාරය ත් ස්ත්‍රීවාදීන් සාරයක් ගැන සෙවීම අත්හැර බොහෝ කල බවත් ‘ස්ත්‍රීවාදය 101‘ වැනි පාඨමාලාවක් ඉගෙන ගන්නා පළමු වසරේ විශ්ව විද්‍යාල සිසුවියෝ දනිති.

දීප්ති ට ස්ත්‍රිය හමුවන තැන ඇයගේ වසාරොද දුටු විට දීප්ති ස්ත්‍රියට යටත් වෙයි. දීප්ති ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ලෝකයේ බල සබඳතා දකින්නේ එපරිදිය. ඒ දීප්ති ගේ අත්දැකීමයි.