එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම

පුළුවන් නම් Zසීzසෙක් (Zizek) ව විශ්ලේෂණය කරන්න! – දීප්ති ට අභියෝගයක්!!

Leave a comment

Zසීzසෙක්

Zසීzසෙක්

සමාජ විචාර

දීප්ති දේශපාලනය යැයි කරන්නේ යතුරු හිලෙන් බලා අනුන්ගේ පෞද්ගලික ජීවිතය ඊනියා මනෝ විශ්ලේෂණයට ලක් කරන්නට උත්සාහ කිරීමය. දීප්ති න්‍යාය යැයි තම ගෝල බාලයන්ට උගන්වා ඇත්තේත් මෙවැනිම දෙයකි. Zසීzසෙක් ගෙන් අල්ලා ගත් අදහසක් විනෝදය නමින් අති සරල ලෙස අර්ථ ගන්වා සූත්‍රයක් බවට පත්කොට එය ගෝල බාලයන්ට බෙදා දී ඇත. ගෝලයෝද ගුරා හිටගෙන කරන දේ දුව දුව කරති. දීප්ති ප්‍රමාද වී හේගල් ට කියවමින් රට වටා ගියේද Zසීzසෙක් හේගල් මහත් අභිරුචියෙන් කියවන බව දැනගත් විටය. අපි අද දීප්තිට විශ්ලේෂණය සඳහා Zසීzසෙක් ගේ ජිවිතය දෙස යතුරු හිලෙන් බලා නොව ඔහුම සහ ඔහුගේ බිරින්දන් යනාදීන් සමඟ සම්මුඛ සාකච්ඡාවේදී ලෝ පතල ජාත්‍යන්තර ජන මාධ්‍ය ලියන තොරතුරු ටිකක් කැටි කොට ඉදිරිපත් කරමු. දීප්ති මෙය විශ්ලේෂණය කර ගෝලයන්ට කියා දෙන්න.

Analyse this!

දීප්ති දේශපාලනය යැයි කරන්නේ යතුරු හිලෙන් බලා අනුන්ගේ පෞද්ගලික ජීවිතය ඊනියා මනෝ විශ්ලේෂණයට ලක් කරන්නට උත්සාහ කිරීමය. දීප්ති න්‍යාය යැයි තම ගෝල බාලයන්ට උගන්වා ඇත්තේත් මෙවැනිම දෙයකි. Zසීzසෙක් ගෙන් අල්ලා ගත් අදහසක් විනෝදය නමින් අති සරල ලෙස අර්ථ ගන්වා සූත්‍රයක් බවට පත්කොට එය ගෝල බාලයන්ට බෙදා දී ඇත. ගෝලයෝද ගුරා හිටගෙන කරන දේ දුව දුව කරති. දීප්ති ප්‍රමාද වී හේගල් ට කියවමින් රට වටා ගියේද Zසීzසෙක් හේගල් මහත් අභිරුචියෙන් කියවන බව දැනගත් විටය. අපි අද දීප්තිට විශ්ලේෂණය සඳහා Zසීzසෙක් ගේ ජිවිතය දෙස යතුරු හිලෙන් බලා නොව ඔහුම සහ ඔහුගේ බිරින්දන් යනාදීන් සමඟ සම්මුඛ සාකච්ඡාවේදී ලෝ පතල ජාත්‍යන්තර ජන මාධ්‍ය ලියන තොරතුරු ටිකක් කැටි කොට ඉදිරිපත් කරමු. දීප්ති මෙය විශ්ලේෂණය කර ගෝලයන්ට කියා දෙන්න.

WLrraCmpsR5PCp9raVbHZසීzසෙක් උපන්නේ 1949 දීය. ඔහුට බිරිය න් තිදෙනෙක් සිට ඇත. ඒ Analia Hounie , Renata Salecl සහ Jela Krečič වෙති.

Analia Houniea මෝස්තර නිරූපිකාවකි. ඇගේ මොස්තර ඡායාරූප සමහරක් සඳහා මෙහි බලන්න. 2005 දී Zසීzසෙක් ඇය කසාද බඳින විට ඇගේ වයස අවුරුදු 26 ක් වීය. ඇය සතුටු කරන්නට Zසීzසෙක් ඉමහත් වියදමක් දරා කළ සම්ප්‍රදායික මහා විවාහ උත්සවයකදී ඇය විවාහ කර ගත්තාය. Analia සුදු දිග ගවුමක් හැඳ මල් බොකේවක් අතැතිව සිටියාය. බොහෝ දෙනා Zසීzසෙක් ලේ මෙම හැසිරීම පිළිබඳ මවිතය පළ කර සිටියහ.ජිජෙක් සහ Analia Hounie විවාහයේ දී

2009 මැයි මස වන විට Zසීzසෙක් ඇයගෙන් දික්කසාද වී Renata Salecl සමඟ සම්බන්ධයක් පවත්වා ගෙන යමින් සිටි බවට මාධ්‍ය වාර්තා පළ වීය.

saleclRenata Salecl 1962 දී උපන් ස්ලෝවීනියානු දාර්ශනිකාවකි. ඇය ආජන්ටීනියානු මනෝවිශ්ලේෂකයෙකු ගේ දුවයි.

මේ විවාහ දෙකෙන්ම ඔහුට පුතෙකු බැගින් සිටියේ ය. එක් පුතෙකු ගේ වයස අවුරුදු 30 කි, අනෙකාගේ වයස අවුරුදු 03 කි.

මේ විවාහ දෙකෙන්ම Zසීzසෙක් දික්කසාද වී සිටි සමයේ ඔහු හමුවූ එක් මාධ්‍ය වේදිණියක් වාරත් කළේ ඒ වන විට Zසීzසෙක් ට නිල වශයෙන් මිතුරියක් girlfriend නොසිටියද නොනිල වශයෙන් සිටි බව ඔහු කියා තිබුණු බවයි.

Zසීzසෙක් ගේ තෙවැනි බිරිඳ Jela Krečič ස්ලෝවීනියානු මාධ්‍ය වේදිනියක හා ඡායාරූපශිල්පිණිය කි. ඇය සමඟ Zසීzසෙක් විවාහ වන්නේ 2013 දීය.670x420_zizek

djvu_1201164_vvo_-vvo--Jela-Krecic

Zසීzසෙක් යනු ඔහුම කියන පරිදි ස්නාසීය සහ නියුරෝසික පුද්ගලයෙකි. Zසීzසෙක් Renata Salecl සමඟ විවාහ වී සිටියදී ඔහුව සමාජීය අවස්ථා වලට ගෙනයාම සහ ඔහුගේ ඇඳුම් මිළට ගැනීම යනාදිය ද ඇතුළු ඔහුගේ ජීවිතය සංවිධානය කොට ඔහු ස්නායු ආබාධ තත්වයකට පත් වීමෙන් වළක්වා තබා ගත්තේ ඇය විසින් බව Zසීzසෙක් මාධ්‍යයට කීවේය. වසරකට කාලයක් ඇමෙරිකාවේ ඉගැන්වීම සඳහා ඇමෙරිකානු විශ්ව විද්‍යාල Zසීzසෙක් ගෙන් ඉල්ලා සිටි විට එම ඉල්ලීම භාර ගැනීමට නම් Renata Salecl ටත් ඉගැන්වීමට අවස්ථාවක් එම විශ්ව විද්‍යාලයෙන් ලබා දීම අනිවාර්ය වීය.

ආගන්තුකයන්ට තම ලිංගික ජීවිතය ගැන කීමේ පුරුද්ද ගැන ඇමෙරිකානුවන් විවේචනය කරන Zසීzසෙක් තමා හමුවූ ඉක්මනින්ම ඔහුගේ ලිංගික ජීවිතය ගැන Zසීzසෙක් කතා කරන්නට පටන් ගැනීම පිළිබඳ මාධ්‍ය වේදියෙක් මතු කළේ උපහාසයකි. “මා හිතුවේ ඔහුට හේගල් පිළිබඳ තම අලුත් පොත ගැන කථා කරන්නට අවශ්‍ය වනු ඇතිව තිබුණා කියලයි. එත් ඔහුට අවශ්‍ය වුනේ ලිංගික කටයුතු ගැන කතා කරන්නයි.“

ඔහු තමා සමඟ විවාහ වී සිටි සහ තමාගේ 12 හැවිරිදි පුතාගේ මව ගැන බනින්නේ “බැල්ලි“ (bitch) කියායි.
————————————

මෙහදී Zසීzසෙක් ගේ නම උච්චාරණය කිරීම පිළිබඳ ද යමක් කිව යුතුය. අපි ස්ලොවේනියානු බස නොදනිමු. පහත යූ ටියුබ් වීඩියෝව ස්ලොවේනියානු උච්ඡාරණයැකියි සිතමු. පුළුවන් නම් ඒ ආකාරයට සිංහලෙන් Zසීzසෙක් ගේ නම ලියා පෙන්වන්න.

අප මෙහි ලියා ඇත්තේ අපට කිට්ටු විය හැකි උච්ඡාරණයක් අනුකරණයෙනි. ඒ මෙයයි.

මේ තවත් එබඳු උච්ඡාරණ ආදර්ශ කිහිපයකි.

http://inogolo.com/pronunciation/d365/Slavoj_Zizek

http://www.forvo.com/word/slavoj_žižek/
———————————————-

Zසීzසෙක් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වෙබ් අඩවි සමහරක්:

http://www.robertboynton.com/articleDisplay.php?article_id=43

http://www.theguardian.com/culture/2012/jun/10/slavoj-zizek-humanity-ok-people-boring

http://www.salon.com/2012/12/29/slavoj_zizek_i_am_not_the_worlds_hippest_philosopher/

http://rationalist.org.uk/articles/1677/acting-up

http://jdeanicite.typepad.com/i_cite/2005/03/tabloid_psychoa.html
>

Leave a comment