එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම

චොප්පේ අයියා මීළඟට කපන්නේ කාගේ මූණ ද?

Leave a comment

Thug220Lifeදීප්ති චොප්පේ අයියා තමන් විවේචනය කරන අයට ඔවුන්ගේ මුහුණු කපන බවට තර්ජනයක් එල්ල කර තිබේ. ඔහු කියා ඇත්තේ අතීතයේදී තමන්ට එරෙහිව ආ අයට ලැබුණු අත්දැකීම එය බවයි.දීප්ති ගේ ගෙදර කණ්නාඩියක් තිබේද? දීප්ති තමන් සතුරන් ලෙස සළකන අය මරා ගැනීමට විවිධ වේශයන්ගෙන් මුහුණු පොතේ පෙනී සිටිමින් කුණු හරුප සහ තර්ජන බෙදමින් ඔවුන් පසුපස හඹා යන්නේ ගෙදර කණ්නාඩියක් නොමැති නිසාද?

දීප්ති කියන්නේ ඔහුගේ ප්‍රතිරූපය සදන්නේ ඔහුගේ සතුරන් ලෙස ඔහු සළකන අය බවයි. මේ බව දීප්ති ගේ තුනමාන දිහා බැලූ කෙනෙකුට පැහැදිළි වනු ඇත.

තුනමාන අඩවියේ දීප්ති Most Commented යනුවෙන් පවත්වාගෙන යන තීරුව බලන්න. මෙය දීප්ති ගේ කැඩපතකි. එහි ඇති ලිපි මාතෘකා අග වරහනින් (14) (11) (10) යනාදී වශයෙන් පෙන්වා දෙන්නේ එම ලිපියට අදාළ කමෙන්ටු ප්‍රමාණයයි. මේ අංක දීප්ති ගේ පට්ට පල් බොරුවකි. මෙහි ඇති ලිපි අතරින් එකම එක කමෙන්ටුවක් හෝ ඇත්තේ ලිපි දෙකකට පමණි. අනිත් ඒවාට කමෙන්ටු කිසිවක් නැත. මේ ලිපිවලින් එකක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැනය. අනෙක ප්‍රභා සහ කුමුදු ගැනයි. දීප්ති මේ Most Commented බොරුව ගෙනයන්නේ ප්‍රභා සහ කුමුදු ගැන ලිපිය තුනමාන අඩවියේ මුල පිටුවේ තබා ගන්නටය. මෙම ලිපිය දීප්ති පළකරන්නේ 2013 ජූනි 22 දිනයි. එතැන් සිට අද දක්වා දීප්ති මෙම ලිපිය දිනපතා බලමින් ඉන්නේ Most Commented පිළිබඳ පට්ට බොරුව මවා පා පාඨකයන් නොමඟ යවමිනි. මන්ද මෑත කාලයේ දීප්ති ගේ ප්‍රතිරූපයට එල්ල වුණු බලවත්ම බලපෑම මෙම ලිපියෙන් දීප්ති උත්තර දෙන කරුණුවලට සම්බන්ධ හෙයිනි. දීප්ති මෙම ලිපියේ මුලට ප්‍රභා ගේ ඡායාරූපයක් ද ඇතුළු කොට තිබේ. දැන් දීප්ති ගේ කණ්නාඩිය කුමක්ද යන්න සහ දීප්ති ගේ ප්‍රතිරූපය හැදෙන්නේ කොහොමදැයි පේනවා නේද?

අපගේ ප්‍රතිරූපය තල දර්පනයක් මත නරඹමින් සිටින හිටි ගමන් අන් කවරෙකු හෝ අනපේක්ෂිතව ඒ මතට ප්‍රක්ශේපණය වුවහොත් අප බියට පත් වන්නේ එම අනපේක්ෂිත බව නිසා යන්න දීප්ති ට නොතේරෙයි.

අපගේ ප්‍රතිරූපය එන්නේ ඇතුලතිකින් නොව පිටතකින් යන්නේ අදහස ලකාන් ගේ දර්පණ අවධියේ අදහසයි. මෙහි තේරුම අපගේ අනන්‍යතාව සම්පාදනයට අපට සමීප අන්‍යයන් බලපාන්නේ ය යන කරුණයි. දර්පණ අවධියේ දී අපට බලපාන්නේ අපගේ significant others යනුවෙන් හැඳින්වෙන සමීපතමයන් ය. ඔවුන් කුඩා බිළිඳාට ඉදිරිපත් කරන්නේ සමාජයේ පවත්නා කතිකාවන්ගෙන් පිළිගන්නා අදහස් ය.

එයින් පසුව ලකාන් සංකේත ලෝකය යැයි කියන කතිකාවන්ට අපි මිතුරන්, පාසැළ සහ පුළුල් සමාජය හරහා ඇතුළු වෙමු. ළදරු වියේදී අපට සමීප වැදගත් අනෙකුන් අප පරිසමාප්ත ප්‍රතිරූපයක් ලෙස අපටම ඉදිරිපත් කරන තරමට අපට පරිසමාප්ත ප්‍රතිරූපය ක් ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එය අවුල් කරන ලෙසට අපේ සමීපතරයන් ක්‍රියාකරන තරමට අපි අපේ ප්‍රතිරූපය පිළිබඳ අවුලට පත්වෙමු. ළදරුවන්ට කොන්දේසි විරහිත ආදරය ලැබීම වැදගත් වන්නේ මේ නිසාය.

නව යොවුන් වියට එලඹුණු විට මෙම කතිකාවන් විසා බලමින් ඒ ඇසුරෙන් අපි අපේම අනන්‍යතාවක් ගොඩනඟාගැනීමේ දුෂ්කර ක්‍රියාවලිය අරඹමු.

සමීප අනෙකෙකු සොයා ගැනීම මෙම වියේදී වැදගත් වන්නේ මේ නිසාය. මිත්‍රත්වය අප අපේ ස්වාධීන අනන්‍යතාව ගොඩ නඟා ගැනීමේ වැදගත් පියවරකි. ලිංගිගකත්වයත් සමඟ ගැට ගැසුණු විට මෙය ආදරය දෙසට හැරෙයි.

මෙම වයසේදී ඇතැම් මිනිසුන් පාරිශුද්ධ අනන්‍යතාවක් සම්පාදනය කරගැනීමට වෙහෙසෙන්නේ විවිධත්වයට සහ වෙනස් වීමට ලක් වීමේ කලබැගෑනියට මුහුණ දීමට ඇති බිය නිසාය. අන්තවාදී දේශපාලන මතවාද වල තදින් එල්බ ගැනීම, තමා පරම ලෙස ලෝකය වෙනස් කිරීමේ ව්‍යාපෘතියක නායකයෙකු හෝ සාමාජිකයෙකු ලෙස සිතා ගැනීම, Cult නැතහොත් කල්ලි හැදීම සහ ඒවාට බැඳීම පාරිශුද්ධ අනන්‍යතාවක් සම්පාදනය කරගැනීමට යාමේ මාර්ගයන්ය.

ඉතින් දීප්ති කැඩපත ඉදිරියට ගිය හොත් දීප්තිට ඉන් පෙනෙන්නේ තමාගේ පාරිශුද්ධ අනන්‍යතා ව්‍යාපෘතියට පොලු දමන්නන්ය. එවිට දීප්ති ඔවුනට එළව එළවා පහර දෙයි.

දීප්ති ස්ථීරසාර ප්‍රතිරූපයක් හදා ගන්නට යන විට දීප්ති ගේ අතීත හෝ වර්තමාන කිසිදු ක්‍රියාවක් ගැන විවේචනයක් කරන්නට කාටවත් ඉඩ තැබිය නොහැකිය. ඒ නිසා එබඳු වචනයක් හෝ කාගෙන් හෝ පිටවුණු විට එයට දැඩිව පහර දෙන්නට දීප්තිගේ ආශාව දීප්තිට බල කරයි. ඒ සඳහා තමා විවේචනය කරන්නන් ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ සමාජය එනම් පියාගේ නාමය මහා අනෙකා පිළිනොගන්නා අසම්මත දේ ඇතැයි සමාජයට අඟවමින් විවිධ ඉඟි සැපයීම දීප්ති ගේ සහ දීප්ති පැටවුන්ගේ ක්‍රමයයි. එවිට මහා අනෙකාට බියෙන් විවේචකයන් නිහඬ වනු ඇතැයි මොවුන් හිතනවා. නමුත් දීප්ති සහ දීප්ති පැටවුන් තේරුම් නොගන්නා කාරණය දීප්ති ගේ උපාය නිසාම කිසිම ඊනියා හෙලිදරව්වකින් පසු බස්සවන්නට නොහැකි පිරිසක් දැන් දේශපාපලනයට දීප්ති විසින් කැඳවන බව. මේ තත්වය යටතේ තමයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති කියන්නේ “Hey Mr. Deepthi Kumara Gunarathna, I am a PIG who has eaten tons of SHIT. I don’t think that a civilized guy like you have enough mud in your bag to embarrass me. Try your best anyway.”

දීප්ති සහ දීප්ති පැටවු තමන් ගේ වැදගත් අනෙකුන් යැයි සිතන අයට මෙලෙස අභූත ලෙස පහර දෙන විට ඒවාට නොසැළෙන පිරිසක් දේශපාලනයට ඇතුළු වෙති.

කන්නාඩිය ඉදිරියට ගිය විට දීප්ති සහ දීප්ති පැටවු මේ ගැන සිහිපත් කළ යුතුය.

Leave a comment