එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම

Panadura ලංඩන් අතිරේකය – ඔබේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය අපි Who is Prof. [Un] Deep-thee? – nom-du-pere; names of the Father; පියාගේ නම්

1 Comment

Deepthi for beginners

Who is Prof. [Un] Deep-thee?

අප පහත පළ කරන අපට ලැබී ඇති “ Panadura ලංඩන් අතිරේකය – ඔබේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය අපි – Who is Prof. [Un] Deep-thee?“ නමැති පත්‍රිකාව දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් පැවති X කණ්ඩායමේ “දේශපාලනය“ ට ප්‍රතිචාරයක් වශයෙන් නිර්ණාමිකව ලියන ලදුව 2003 වර්ෂයේදී සංසරණය කෙරුණු අර්ධ උපහාසාත්මක අර්ධ විග්‍රහාත්මක ලිපියකි. X කණ්ඩායමේ දේශපාලන උපාය මාර්ගය වූයේ ප්‍රධාන පෙළේ සිවිල් සමාජ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ විස්තර යැයි කියනු ලැබූ දේ ප්‍රසිද්ධියේ “අනාවරණය“ කිරීමයි.

මෙම පත්‍රිකාව සහ එහි ඉංග්‍රීසි පිටපත (බලන්න, පහළ) පළකළ අය එකල කියා සිටියේ ඔවුන් X කණ්ඩායමේ “දේශපාලනය“ ප්‍රතිචාර වශයෙන් X ෆයිල්ස් යනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන බවයි. නමුත් කිසියම් හේතුවක් නිසා එය සිදු වූයේ නැත.

2004 සුනාමිය දිනයේ X කණ්ඩායම විසිරුවා හැරුණු අතර එහි සිටියේ යැයි කියන 145 ක් පමණ සාමාජික පිරිසෙන් 140 ක්ම පමණ දීප්ති කුමාර ගුණරත්න ගේ දේශපාලනය විවේචනය කරමින් ඔහුගේ නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් කණ්ඩායම හැර ගිය බව වාර්තා වීය.

නමුත් අදත් දීප්ති දීප්ති කුමාර ගුණරත්න සිවිල් සමාජ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ විස්තර යැයි කියනු ලැබූ දේ ප්‍රසිද්ධියේ “අනාවරණය“ කිරීමේ “දේශපාලනය“ කරගෙන යන අතර ඔහුගේ මෙම ව්‍යාපාරයට මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියා ගන්නා Rights Now නමැති සංවිධානයක් සමබිම නමින් පළකරන සඟරාවක සහ ඔවුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් වල ප්‍රධාන සම්පත් දායකයෙකු ලෙස දීප්ති කුමාර ගුණරත්න සේවයේ යොදවමින් ඔහුට අනුග්‍රහය දක්වයි.

අප මෙහි පළ කරන මෙම පත්‍රිකා x Files විසින් මුල් වරට පළ කිරීමෙන් අවුරුදු 10කට පසු එම නමින් මෙම වෙබ් අඩවිය පළ කිරීමට එම නම යොදා ගැනීම පිළිබඳ එම මුල් කණ්ඩායම උරණ නොවනු ඇතැයි සිතමු. අප අද මේ දියත් කරන්නේ දීප්ති කුමාර ගුණරත්න නායකත්වය දැරූ x කණ්ඩායමේ සහ ඔහු නායකත්වය දෙන එහි අනුප්‍රාප්තික ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේත් x කණ්ඩායමෙන් කැඩී ගියත් දීප්ති කුමාර ගුණරත්න ගේ එකම දේශපාලන උපාය මාර්ගය අනුගමනය කරන කුඩා කල්ලි සහ කණ්ඩායම් වලත් දේශපාලනය පිළිබඳ විචාරයන් එක් රැස් කරන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට අදහස් කරන වෙබ් අඩවියකි.

P1010349


P1010350

P1010352

P1010351

P1010353

P1010354

One thought on “Panadura ලංඩන් අතිරේකය – ඔබේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය අපි Who is Prof. [Un] Deep-thee? – nom-du-pere; names of the Father; පියාගේ නම්

  1. මේක හොඳ විග්‍රහයක්. 2003 දී ලියුවට අදත් දීප්ති කරන්නේ මේකම නේද? දැන් කවුරු හරි මේක අප්ඩේට් කරන්න ඕන නේද?

Leave a comment