එක්ස් ෆයිල්ස්

අනෙකා නොවිඳි මගේ විනෝදයේ තරම


Leave a comment

චොප්පේ අයියා මීළඟට කපන්නේ කාගේ මූණ ද?

Thug220Lifeදීප්ති චොප්පේ අයියා තමන් විවේචනය කරන අයට ඔවුන්ගේ මුහුණු කපන බවට තර්ජනයක් එල්ල කර තිබේ. ඔහු කියා ඇත්තේ අතීතයේදී තමන්ට එරෙහිව ආ අයට ලැබුණු අත්දැකීම එය බවයි.දීප්ති ගේ ගෙදර කණ්නාඩියක් තිබේද? දීප්ති තමන් සතුරන් ලෙස සළකන අය මරා ගැනීමට විවිධ වේශයන්ගෙන් මුහුණු පොතේ පෙනී සිටිමින් කුණු හරුප සහ තර්ජන බෙදමින් ඔවුන් පසුපස හඹා යන්නේ ගෙදර කණ්නාඩියක් නොමැති නිසාද?

දීප්ති කියන්නේ ඔහුගේ ප්‍රතිරූපය සදන්නේ ඔහුගේ සතුරන් ලෙස ඔහු සළකන අය බවයි. මේ බව දීප්ති ගේ තුනමාන දිහා බැලූ කෙනෙකුට පැහැදිළි වනු ඇත.

තුනමාන අඩවියේ දීප්ති Most Commented යනුවෙන් පවත්වාගෙන යන තීරුව බලන්න. මෙය දීප්ති ගේ කැඩපතකි. එහි ඇති ලිපි මාතෘකා අග වරහනින් (14) (11) (10) යනාදී වශයෙන් පෙන්වා දෙන්නේ එම ලිපියට අදාළ කමෙන්ටු ප්‍රමාණයයි. මේ අංක දීප්ති ගේ පට්ට පල් බොරුවකි. මෙහි ඇති ලිපි අතරින් එකම එක කමෙන්ටුවක් හෝ ඇත්තේ ලිපි දෙකකට පමණි. අනිත් ඒවාට කමෙන්ටු කිසිවක් නැත. මේ ලිපිවලින් එකක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැනය. අනෙක ප්‍රභා සහ කුමුදු ගැනයි. දීප්ති මේ Most Commented බොරුව ගෙනයන්නේ ප්‍රභා සහ කුමුදු ගැන ලිපිය තුනමාන අඩවියේ මුල පිටුවේ තබා ගන්නටය. මෙම ලිපිය දීප්ති පළකරන්නේ 2013 ජූනි 22 දිනයි. එතැන් සිට අද දක්වා දීප්ති මෙම ලිපිය දිනපතා බලමින් ඉන්නේ Most Commented පිළිබඳ පට්ට බොරුව මවා පා පාඨකයන් නොමඟ යවමිනි. මන්ද මෑත කාලයේ දීප්ති ගේ ප්‍රතිරූපයට එල්ල වුණු බලවත්ම බලපෑම මෙම ලිපියෙන් දීප්ති උත්තර දෙන කරුණුවලට සම්බන්ධ හෙයිනි. දීප්ති මෙම ලිපියේ මුලට ප්‍රභා ගේ ඡායාරූපයක් ද ඇතුළු කොට තිබේ. දැන් දීප්ති ගේ කණ්නාඩිය කුමක්ද යන්න සහ දීප්ති ගේ ප්‍රතිරූපය හැදෙන්නේ කොහොමදැයි පේනවා නේද?

අපගේ ප්‍රතිරූපය තල දර්පනයක් මත නරඹමින් සිටින හිටි ගමන් අන් කවරෙකු හෝ අනපේක්ෂිතව ඒ මතට ප්‍රක්ශේපණය වුවහොත් අප බියට පත් වන්නේ එම අනපේක්ෂිත බව නිසා යන්න දීප්ති ට නොතේරෙයි. Continue reading


Leave a comment

“ ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව!“නාගරික විප්ලවයේ (ත්‍රස්තවාදයේ) මහා අරක්කැමි දීප්ති කුමාර ගුණරත්න ගේ විචාරය නොව විශ්ලේෂණය

Ruwan_Mangala_court_CIසමාජ විචාර facebook පිටුවෙනි

වික්ටර් පවා ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධය හරහා බවයි කියමින් දීප්ති දෙසන්නේ ෆැසිස්ට්වාදී ධර්මයකි. මේ අනුව මංගල ලා රතු කුරුස හන්දියේදී මාධ්‍ය වේදීන්ට දෙකයි දෙකේ පොළු වලින් නෙලුවේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය. සටන කර්තෘ රෝහන කුමාර ඝාතනය කලේත් ඒ සඳහා විය යුතුය. ප්‍රේමදාස – රන්ජන් විජේරත්න පාලනය යටතේ විජේවීර පණ පිටින් මරා දමමින් තරුණ තරුණියන් දහස් ගණනක් ඝාතනය කළේත් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය. දීප්ති කියන්නේ මෙම සංඛ්‍යාව 60,000 ක් කියාය. එල්ටීටීයට එරෙහිව කෙරුණු යුද්ධයේදී කෙරුණ සියළු ඝාතනත් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්නට විය යුතුය.

දීප්ති කුමාර ගුණරත්න “අනිමිසලෝචන විරහිතභාවය ගැන“ යන මැයෙන් ලිපියක් තුනමාන වෙබ් අඩවියට ලියා තිබේ.

කවුරු මොනවා කිව්වත් දීප්ති හොඳ මිනිහෙකි. තමන්ට පිහිටට හිටි අය විපතක වැටුණු විට ඒ අය වෙනුවෙන් කළ ගුන සැළකීමට තරම් ඔහු බෞද්ධයෙකු වන නිසාය. එපමනක් නොවේ දීප්ති තමන් ගැන හිතන්නේ බුදුන් වහන්සේ ලෙසිනි. අනිමිසලෝචනය පිළිබඳ සිරස්තලය එහෙයිනි. නමුත් මංගල සහ රුවන් ලා කුරුඳු පොළු ත්‍රස්තවාදය නෙලීමේ ප්‍රථිඵලයක් වශයෙන් රාවයේ පවා විවේචනයට ලක් වීම හමුවේ දීප්ති මෙසේ කළගුණ සළකන්නට යෑමෙන් ඔහුගේ සැබෑ දේශපාලන දර්ශනය එළි පිටට පොළා පැන තිබේ. ඒ අන් කිසිවක් නොව ත්‍රස්තවාද යයි.

දීප්ති මෙසේ කියයි: “අපට පුළුල් මහජන අවකාශයක් වෙතට රැගෙන යාමට හැකි වූයේ මංගල සමරවීර මහතා 1996 දී අපට ලබාදුන් විවෘත සහයෝගය තුළය.(එවකට අප සමග සිටි අයගෙන් මංගල සමග එකතු වනවාට විරුද්ධ වූයේ ධම්ම දිසානායක පමණි.) ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ රුවන් ෆර්ඩිනන්ඩ්ස් නම් ඉතාම අප්‍රකට, අවසාන කරකවන්නා නැත්තම්, මාතොට සගරාවත් X දේශපාලනයත් ජනප්‍රිය නොවීමට ඉඩ තිබුනි. ඉතා සරලව සහ කෙටියෙන් ප්‍රකාශ කළහොත් අපව සමාජගත කරවන්නට උදව් කළේ ලංකාවේ ඓතිහාසික වම නොව ලිබරල් දක්ෂිණාංශිකයන් ය.”

ලිබරල් දක්ෂිණංශිකයන් යනු කවුරුන්ද? දක්ෂිණංශිකයන් ඊනියා වාමාංශික ලෙනින් වාදී සංවිධානයක් සමාජ ගත කරන්නට උදව් කළේ කුමන ෆැසිස්ට්වාදී අරමුණක් සඳහා එය යොදා ගැනීමටද? අද මංගල ලා, රුවන් ෆර්ඩිනන්ඩ්ස් (ගුරුගේ) ලා දීප්ති ගේ සංවිධානය මෙයෙවමින් සිටින්නේ කුමන ෆැසිස්ට්වාදී අරමුණක් සඳහාද? (මංගල සමග එකතු වනවාට ධම්ම දිසානායක විරුද්ධ වූයේ අනාගතයේදී තමන්ට බැසිල් රාජපක්ෂ සමග තනියෙන් එකතු වීමට හැකි වන බව ධම්මගේ කේන්දරයේ කියා තිබුණු නිසා යැයි ධම්මගේ යාළුවෝ කියති. )

දීප්ති කුරුඳු පොළු ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්නට න්‍යාය සම්පාදනය කිරීමේ කටයුත්තට අත ගසා ඇත.

අර්නෙස්ටෝ චේගෙවාරා දීප්ති කියවන පරිදි ත්‍රස්තවාදියෙකු නොවේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් අරමුණක නාමයෙන් ත්‍රස්තවාදය සාධාරණීකරණය කොට නැත. චේගෙවාරා යනු ඒකාධිපති බැටිස්ටා ගේ මර්ධනයට එරෙහිව අවිගත් විප්ලවවාදී කණඩායමේ නායකයෙකි. ඇන්ජෝයි අරමුදල් වලින් නඩත්තුවන විප්ලවයේ නායකයා වීම ෆැන්ටසිය කර ගත් මැර බලය පා තම මතවාදී සතුරන් දේශපාලනයෙන් පළවා හැරීමට වැර දරන පාරේ යන පෙළපාලි වලට කුරුඳු පොළු වලින් ගැසීමට මැරයන් යැවීම විප්ලවීව කටයුත්තක් ලෙස සළකන ආකාරයේ දීප්ති වැනි ත්‍රස්තවාදයෙකු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව!

මෙන්න, දීප්ති ගේ ත්‍රස්තවාදී බළලා විප්ලවවාදී මල්ලෙන් එළියට පනියි: “ලංකාවේදී විප්ලවාදී දේශපාලනයට කියන තවත් නමක් වන්නේ ත්‍රස්තවාදයයි.ත්‍රස්තවාදය නම් පැල්ලම නැතිව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගෙන නැති බව බොහෝ දෙනා නොදනියි. රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදියෙක් වීමට බටලන්ද වධකාගාරයක් පවත්වාගෙන යන්න විය. ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව කියන එක කවුරුත් දන්න කටුක ඇත්තක්.“ Continue reading


Leave a comment

‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය‘

SAM_0167

‘කතිකා‘ අධ්‍යයන කවය තම පති‍්‍රකාව නිකුත් කරමින් ප‍්‍රතිචාර දක්වන්නේ මෑතකදී ලංකාවේ ඇති වූ න්‍යාය සෙල්ලමට විය යුතුය. පශ්චාත් නූතනවාදය, මනෝ විශ්ලේෂණවාදය ආදි නම් වලින් ඉදිරිපත් කෙරෙන සෑම සිංහල ලේඛනයක්ම මට කියවන්නට නොලැබුණත් ලෝකයේ ඉතා අවුල් සහගත, කුහක, විකාර පශ්චාත් නූතන රචනා ලියවී ඇත්තේ ලංකාවේ පශ්චාත් නූතනවාදීන් අතිනි.මෙයට හේතුව සියුම් කියවීමත්, රස වින්දනයත්, සියුම් සිතීමත් නොකරන අඩුව වසා ගන්නට න්‍යායික වචන සෙල්ලම් කරන බොරු ඇඟවුම් කාරයන්ගේ රචනා යැයි මම සිතමි. සාමාන්‍යයෙන් තමන්ම යමක් කියවා වටහා ගන්නට උත්සාහ දරන පත්තර පිටු සංස්කාරකයන් දුර්වල රචනා වුවද ‘පොස්ට්මොඩර්න්’ යන වචනයද, වරහන් ඇතුළේ ඉංගී‍්‍රසි වචනද ඇති නම් වැදගත් එකකියි බාරගෙන පළ කිරීම නිසා මේවා කෙටි කාලයකට ජනපි‍්‍රය විය.එහෙත් බොරු ඇඟවුම්කාරයන්ට කල් පැවැත්මක් නැත. ඔවුන්ට පැවැත්ම සඳහා කෆ්කාගෙන්, කුන්දේරාටත්, කුන්දේරාගෙන් බාත්ටත්, බාත්ගෙන් ලකාන්ටත් නිරන්තරව පනින්නට සිදු වෙයි. මෙම පැන පැන යාම කරන්නට සිදු වන්නේ යම් තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය අධ්‍යයනයක් නැති විටය. කැමිල් පාග්ලියා ප‍්‍රාමාණික ශාස්තී‍්‍රය සාහිත්‍ය අධ්‍යයනය අවධාරණය කරන්නේ ඒ නිසාය.

ලංකාවේ සිද්ධ වෙන පශ්චාත් නූතන විදුලි සරඹ ඉතා තාවකාලිකය. ඒවා ජනපි‍්‍රය වී ඇත්තේ එක්තරා සංස්කෘතික අර්බුදයක් නිසාය. ඒ අර්බුදය එකමානිත්වය යැයි මම මීට ඉහත පුන්කලසට ලියූ ලිපියකදී කිව්වෙමි. එනම් සමාජීය ප‍්‍රපංචයන්, සාහිත්යික හෝ නිර්සාහිත්යික පඨිතයන් විවිධාකාර කියවීම්වලට ලක් කරන්නට ඇති නොහැකියාවයි. කිසිම පඨිතයක් ගැන බහුමානිත ප‍්‍රවේශයකින් එළඹෙන්නට ඇති සාමාජික නොහැකියාවයි.

අනෙක් අතට පශ්චාත් නූතන නමින් හැඳින්වෙන ලේඛන කාට හෝ කෙනෙකුට පහර දෙන නිසා ඒවායේ සන්ත‍්‍රාස රසයක් ඇත. අපි කාට හෝ පහර දෙන සැටි බලා සන්තෝෂ වෙන සමාජයක් වෙමු. මෙම ගැටලුවේම අනෙක් පැත්තද සංස්කෘතික ගැටලුවකි.

එය නම් කිසිවෙකු කට පුරා අගය කරන්නට අපට ඇති අසමත්කමයි. තමන් වාසියක් නොලැබෙන දෙයක් අගය කිරීමට යම්කිසි මිනිස් පූර්ණ බවක් අවශ්‍ය වෙයි. අප රට අධ්‍යාපනයත්, සංස්කෘතියත් මේ මිනිස් පූර්ණ බව ලබා දෙන්නට සමත් වන්නේද යන අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. ඉතා මහලු වයසේදී පවා මහාචාර්ය සරච්චන්ද්‍රට අනුන් අගය කරන්නට තිබුණ ශක්තිය පුදුමාකාර බව ඔහු යටතේ වැඩ කළ වසර දෙකේදී මම දුටුවෙමි.

ඉතිරිය සඳහා බලන්න,

සිළුමිණ පුන්කලස


Leave a comment

උන්ට-ලොජිකල් ලෙනින්වාදය සහ උන්ට-ලොජිකල් ප්‍රජාතන්ත්‍රවාදය

tumblr_m8ymygSK2G1re8dkeo1_500

කල්‍යානන්ද පෙරේරා

හදිස්සියේම x කණ්ඩායමේ ‘ඉස්සර සමාජය අරහෙමයි / දැන් සමාජය මෙහෙමයි’ කියන පරණ තර්කය මතක් උනේ දීප්ති කුමාර ගුණරත්න විසින් පමණක් ලියා පළ කරන “තුන මාන” වෙබ් අඩවිය තුලින්ද පැරණි ‘පශ්චාත් නූතනත්වය ගැන සංවාදය’ තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු අපට සපයා දී ඇති නිසාය. ගුණරත්න විසින් “තුන මාන” වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ 2004 ගුණරත්නගෙන් ඉවත්වූවන් ගැන ඔහු තුල තිබෙන වෛරය, වේදනාව, ආදරය, ඊර්ෂ්‍යාව යන මිනිස් ස්වභාවයේ ප්‍රාථමික හැඟීම් ප්‍රකාශ කිරීමට මිස එහි පළවන වෙනත් ප්‍රවෘත්ති හෝ ලිපි වලට මූලිකත්වය සඳහා නොවන බව එම අඩවිය කියවන ඕනෑම අයෙකුට වැටහෙන කරුණක් වී ඇත.දෙවනුව සුදර්ශන ගුණවර්ධනගේ Rights Now සංවිධානයට මානව හිමිකම් රැකීම, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සහ නීතියේ ආධිපත්‍ය බිහිකිරීම ආදී අදහස් වල කොපර්නිකානු විප්ලවයක් සිදු කිරීමට හැකි වනු ඇත. ඔහුගේ සංවිධානය සිය සතුරන් විනාශ කරන බව කියන, ඔවුන්ට ශාරීරිකව පහර දෙන බව ප්‍රසිද්ධියේ කියන, ඔවුන්ට දේශපාලනය කරන්නට ඉඩ නොදෙන බව කීම පමණක් නොව අනෙකුත් අයත් එලෙස කිරීම අගය කරනා ලොව සිටින එකම මානව හිමිකම් සංවිධානය බවට මේ වන විටත් පත්ව තිබේ. අවශ්‍යනම් සිය සතුරන් විනාශ කිරීම සඳහා ‘නිදහසේ වේදිකාව’ වෙනුවෙන් ව්‍යාපෘතියක් තනා, පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු වැනි අය හරහා INGO එකකින් මුදල් ගෙන ‘සුදු වෑන්’ රථයක් මිලට ගැනීමේ විකල්ප මාවතක්ද සොයා ගත හැකිය.

ඉතිරිය සඳහා බලන්න

මධ්‍යස්ථානය

 


Leave a comment

The ecstasy and danger of iconoclasm of Deepthi Kumara Gunaratne

???????????????????????????????by Ajith Samaranayake

I was pleasantly surprised to find a translated summary of this column which was titled ‘The sad lumpenisation of the bourgeoisie’ appearing in the December issue of ‘Balaya’ a publication of ‘Ravaya.’ In choosing a name for this monthly magazine Managing Editor Victor Ivan has obviously gone to the heart of the matter. Balaya after all means power and nothing is possible, whether for the good or ill, without (political) power.

If politics is the art of the possible power is the engine of politics. Not for Ivan the cosy, literary-sounding magazine nomenclatures. He believes in exposing the entrails of contemporary politics and exhibiting the nature of power in its many facets.

‘Balaya’ is a somewhat heavy-weight affair and this comes naturally to a publication which obviously sees itself as the natural heir to a tradition of intellectual-academic journalism originating with the ‘Sanskruthi’ in the 1950s and continuing into the 1970-90s with ‘Mavatha.’ While the former was more literary and aesthetic the latter was more pronouncedly political but what the demise of both (although ‘Sanskruthi’ has now been revived by S. G. Samarasinghe) testify to is the lack of resources and the lack of a large enough literate readership to sustain such a venture.

High Culture and Popular Culture

‘Balaya’ has cast its net wide refusing to be circumscribed either by political or literary-aesthetic considerations and its December issue ranges from essays on ragging in universities to a studied exposition of the thinking of Hannah Arendt by Kumudu Kusum Kumara, from a discussion on photography between Ralex Ranasinghe and Padmakumara Mettasena (representing two generations and two schools) to criticisms of fiction and the cinema. Continue reading


Leave a comment

දී ප් තී ..ඉ ..ඉ ..ඉ ..ඉ ..ඉ

bodyguard_60475

ඈතින් දොරෙන් එළියට එන දීප්ති අයියාය,
මෑතින් පුක කැඩුනු කඩියන් මෙන් දඟලන ද්‍රොහීන්ය,

ආයෙත් ඈතින් සක්මන් ගමනින් එන දීප්ති අයියාය.
මෑතින් පොළවේ පස් කන ද්‍රෝහීන්ය.

“මචන් ඇක්ශන් ෆිල්ම් එකක හීරෝට දැනෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ” එරන්ද කිව්වා
“කටවගෙන හිටු, ගුටි කන්නේ නැතුව”

සක්මන් ගමනින් දේශන ශාලාවෙන් එළියට ආපු දීප්ති අයියත් අපිත් අතර තිබ්බේ මීටර් පනහක විතර දුරක්, එයා තාම ඇතුළේ, ද්‍රොහීන් තාප්පෙන් එළියේ.

ඊට පස්සේ නවත්වලා තිබ්බ සුදු පාට කාර් එකට එයා ගොඩවුනා, දෙපැත්තෙන් තවත් දෙන්නෙක් එයාව මැදි කරගෙන වාඩි වුනා. හරියට මනාල මහත්තයව මැදි කරගෙන නගින දෙවන මනමාලයෝ වගේ.

ඉතිරිය සඳහා බලන්න,
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?


1 Comment

The Deepthi Reader ( also known as the Zizek reader)

The leaflet titled “The Deepthi Reader ( also known as the Zizek reader)” which is reproduced below is a piece consisting of part satire and part analysis written anonymously and circulated in 2003 in response to the “politics” of the X Group in Sri Lanka led by Deepthi Kumara Gunaratne the political strategy of which was to attack leading civil society individuals by publicly “exposing” what were claimed to be details of their private lives.

Those who produced this pamphlet also produced a Sinhala version of it (which we carry separately on this site) and claimed that they would be setting up a site called X Files in response to the “politics” of this X Group. For some reason the site X Files did not materialise.

The X Group disbanded itself on the day of the 2004 Tsunami and it is said that out of 145 members who constituted the group about 140 left its leader Deepthi Kumara Gunaratne in critique of his politics.

However, today Deepthi Kumara Gunaratne continues his politics of exposing the private lives of civil society individuals and in this endeavour he is supported by civil society groups such as Rights Now which claims to be a human rights initiative which publishes Samabima a Sinhala monthly magazine and employs Deepthi Kumara Gunaratne as a key resource person in its various activities.

Ten (10) years after the initial publication of these original documents that are reproduced here by the ‘X Files,’ we borrow the name ‘X Files’ to launch this site which will serve basically as a repository of critiques of the X Group and its successor Sri Lanka Vanguard Party whose leader is Deepthi Kumara Gunaratne , and various splinter groups of the former X Group which continue to follow the same political strategy of Deepthi Kumara Gunaratne

p10103643

Continue reading


1 Comment

Panadura ලංඩන් අතිරේකය – ඔබේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය අපි Who is Prof. [Un] Deep-thee? – nom-du-pere; names of the Father; පියාගේ නම්

Deepthi for beginners

Who is Prof. [Un] Deep-thee?

අප පහත පළ කරන අපට ලැබී ඇති “ Panadura ලංඩන් අතිරේකය – ඔබේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය අපි – Who is Prof. [Un] Deep-thee?“ නමැති පත්‍රිකාව දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් පැවති X කණ්ඩායමේ “දේශපාලනය“ ට ප්‍රතිචාරයක් වශයෙන් නිර්ණාමිකව ලියන ලදුව 2003 වර්ෂයේදී සංසරණය කෙරුණු අර්ධ උපහාසාත්මක අර්ධ විග්‍රහාත්මක ලිපියකි. X කණ්ඩායමේ දේශපාලන උපාය මාර්ගය වූයේ ප්‍රධාන පෙළේ සිවිල් සමාජ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ විස්තර යැයි කියනු ලැබූ දේ ප්‍රසිද්ධියේ “අනාවරණය“ කිරීමයි.

මෙම පත්‍රිකාව සහ එහි ඉංග්‍රීසි පිටපත (බලන්න, පහළ) පළකළ අය එකල කියා සිටියේ ඔවුන් X කණ්ඩායමේ “දේශපාලනය“ ප්‍රතිචාර වශයෙන් X ෆයිල්ස් යනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන බවයි. නමුත් කිසියම් හේතුවක් නිසා එය සිදු වූයේ නැත.

2004 සුනාමිය දිනයේ X කණ්ඩායම විසිරුවා හැරුණු අතර එහි සිටියේ යැයි කියන 145 ක් පමණ සාමාජික පිරිසෙන් 140 ක්ම පමණ දීප්ති කුමාර ගුණරත්න ගේ දේශපාලනය විවේචනය කරමින් ඔහුගේ නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් කණ්ඩායම හැර ගිය බව වාර්තා වීය.

නමුත් අදත් දීප්ති දීප්ති කුමාර ගුණරත්න සිවිල් සමාජ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ විස්තර යැයි කියනු ලැබූ දේ ප්‍රසිද්ධියේ “අනාවරණය“ කිරීමේ “දේශපාලනය“ කරගෙන යන අතර ඔහුගේ මෙම ව්‍යාපාරයට මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියා ගන්නා Rights Now නමැති සංවිධානයක් සමබිම නමින් පළකරන සඟරාවක සහ ඔවුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් වල ප්‍රධාන සම්පත් දායකයෙකු ලෙස දීප්ති කුමාර ගුණරත්න සේවයේ යොදවමින් ඔහුට අනුග්‍රහය දක්වයි.

අප මෙහි පළ කරන මෙම පත්‍රිකා x Files විසින් මුල් වරට පළ කිරීමෙන් අවුරුදු 10කට පසු එම නමින් මෙම වෙබ් අඩවිය පළ කිරීමට එම නම යොදා ගැනීම පිළිබඳ එම මුල් කණ්ඩායම උරණ නොවනු ඇතැයි සිතමු. අප අද මේ දියත් කරන්නේ දීප්ති කුමාර ගුණරත්න නායකත්වය දැරූ x කණ්ඩායමේ සහ ඔහු නායකත්වය දෙන එහි අනුප්‍රාප්තික ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේත් x කණ්ඩායමෙන් කැඩී ගියත් දීප්ති කුමාර ගුණරත්න ගේ එකම දේශපාලන උපාය මාර්ගය අනුගමනය කරන කුඩා කල්ලි සහ කණ්ඩායම් වලත් දේශපාලනය පිළිබඳ විචාරයන් එක් රැස් කරන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට අදහස් කරන වෙබ් අඩවියකි.

P1010349

Continue reading